(ක.ග.කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඇතුලුවී එහි රැඳී සිටි පුද්ගලයන් 10 දෙනෙකුට අදාල චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 1,50000ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්. එම් වයි වාසල මහත්මිය අද(10) නියෝග කළාය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජ.වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.
COMMENTS
නුවරගල වැනි වැදගත් පුරාවිද්‍යා ස්ථාන මෙවැනි වනෝද්‍යාන තුල පිහිටා ඇතත් ඒවා නැරඹීමට යන සංචාරකයට ඒ සඳහා පහසු ප්‍රවේශයක් නොමැත. අවසර ගත යුත්තේ කාගෙන්ද, කවර කාර්යාලයෙන්ද යන තොරතුරු පවා ලබා ගැනීම පහසු නැත. වනෝද්‍යානයට හෝ වනසතුන්ට කිසිදු හානියක් කිරීමේ චේතනාවක් නොමැති අහිංසක සංචාරකයන් පවා වනජීවින්ට හානි කරන්නන් වෙනුවෙන් පනවා ඇති නීති මගින් අපහසුවට පත්වේ. වනෝද්‍යානය රැකගැනීම මෙන්ම අතීත උරුම දැකබලාගන්නට ද අවස්ථාවක් සැලසිය යුතුය. සංචාරක ස්ථාන පිළිබඳ පුවරු ප්‍රදර්ශනයට සීමා නොවී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන වනෝද්‍යානයට හානි නොවන පරිදි හෝටන්තැන්නේ ඇති ප්‍රවේශය වැනි ප්රවේශයන් වැදගත් පුරාවිද්‍යා ස්ථාන වෙත ලබාදීම අදාල පලාත් පාලන ආයතනවල වගකීමකි.