(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රියදුරු බලපත්‍රයක් නොමැතිව චැලි වර්ගයේ යතුරුපැදියක් පැදවු තරුණයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් මාතර පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (14) මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කරන එම තරුණයා කොරෝනා වයිරසය හේතුවෙන් රැකියාව අහිමි වී දැනට මාස 6ක පමණ කාලයක සිට නිවසට වී සිට ඇත.මිතුරකු හමු වීම සදහා අද මාතර නගරයට එන අතරතුරදී තුඩාව හංදිය ආසන්නයේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු නවතා රියදුරු බලපත්‍රය පරීක්ෂා කර ඇත.
එහිදී නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම් රුපියල් 5000 ක මුදලක් එම පොලිස් කොස්තාපල්වරයා ඉල්ලා තිබේ. ඒ අනුව අදාල තරුණයා ඒ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට දැනුම් දී තිබෙන අතර ඔහු වහා ක්‍රියාත්මක වී සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ.
මාතර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පතියකට සහභාගී වී පිටතට පැමිණී අවස්ථාවේ දී අදාල කොස්තාපල්වරයා අල්ලස් මුදල ලබා ගෙන ඇත.ඒ සමගම අදාල මුදල් නෝට්ටු සමගම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
දික්වැල්ලේ පදිංචි එම කොස්තාපල්වරයා හෙට (15) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපත්‍ර නොමැතිව රිය පැදවූ අයගෙන් අල්ලස් ගත් කොස්තාපල් අල්ලයි
Ruhunu Thursday, 14 January 2021 10:29 AM
තරුණයෙක් නිසා 5000ගත්තේ... එහෙම පොලිසියක් නොවැ ලංකාවේ ඉන්නේ.
jayantha Thursday, 14 January 2021 10:55 AM
මේ වගේ හේතු නිසා තමයි අපේ රටේ ජනතාව නීතිය ගැන කලකිරීමෙන් පසුවෙන්නේ... අනේ දැන් ඉතින් මාවත් අල්ලලා හිරේට දාන්න එහෙම එපා...
shan Thursday, 14 January 2021 03:23 PM
25,000 වෙනුවට 5000 කින් වැඩේ ශේප් කරලා දෙන්න හදපු එකට එයා හරි නම් පොලිස් නිලධාරියාට ස්තුති කළ යුතුයි.