(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
වනාතවිල්ලුවේ සිට කජු දර ප්‍රවාහනය කරන මුවාවෙන් ඒ තුළ සඟවා කොහොඹ දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද ( 10 ) උදෑසන පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාර්ග බාධක පසුකරමින් පුත්තලම නගරය දෙසට ගමන් කරමින් තිබූ මෙම ලොරි රථය විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ වලට ලැබුණ තොරතුරක් මත අත්අඩංගුවට ගත්බව පුත්තලම විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
කොහොඹ දැව ප්‍රවාහනයට කිසිදු බලපත්‍රයක් පවා නොතිබු බවත් කජු දර සඳහා පමණක් බලපත්‍ර තිබූ බව විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසීය.
අදාල දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව එම නිලධාරියා කීය.
ඇදිරි නීතිය පවතින කාලයේ නීති විරෝධි අයුරින් මෙම කොහොඹ දැව ප්‍රවාහනය කර තිබුණි.
කොහොඹ දැව තොගය සමඟ ලොරි රථයේ රියදුරු හා සහයකයා අත් අඩංගුවට ගෙන ඇති අතර දැව තොගය හා ලොරි රථය පුත්තලම අඩවි වන සංරක්ෂණ කාර්යාලයට භාර දී තිබේ.



2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපත්‍ර නැතිව කොහොඹ දැව රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට