(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ අද (15) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය බුලක් කොළය ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
එම සන්ධානය නියෝජනය කළ ඉකුත් දා අභාවප්‍රාප්ත වූ නායකයන් වන ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ දේශවිමුක්ති ජනතා පක්ෂයේ හිටපු නායක පී.එම් පොඩි අප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කිරීම ද රැස්වීම ආරම්භයේ දී සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණ වෙනස් වුණාට ඇතුළ එහෙම්ම නම් වැඩක් නෑ..!!!
මොන මුහුණුවරක් දුන්නත් ඉන්නේ එකම මිනිස්සු බව තේරෙන්නේ නැද්ද? ප්‍රශ්නය තියෙන්නේ මූණුවල නෙමෙයි අදහස්වලයි එකතුවෙලා ඉන්න මිනිස්සුන්ගෙයි කියලා තේරුම් ගන්න.
මෙදා පාර ඔලුබක්කෝ නටන්නද යන්නේ?
ආයේ අලුත් වෙන්ඩ කියලා දෙයක් තියෙනවද? බුලත් හපේනම් නරකම නැහැ .
රටක් කියන්නේ එක එක්කෙනාට ඕන විදියට ඕන කාලයට එක එක අත්හදා බැලීම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි
එක එක මුහුණු දාගෙන දැන් කීපාරක් ආවද .කරපු දෙයක් නෑ .මේ ඔක්කොම කට්ටියගේ කෙරිල්ල නිසානේ භාණ්ඩාගාරේ හින්දිලම ගියේ
හරමානිස් ඊස් හරමානිස්
වෙනසක් ඇති බුලත් කොලයක් නම් නාගවල්ලි වෙන්න පුලුවන්. හැබැයි නාග වල්ලි වැඩිපුර වැවෙන්නෙ නැහැ
ගොක්කොලය හොදයි
කොල්ලෝ දැන් වයසයි විවේක ගනින්
ලැබුන ස්වර්ණමය අවස්ථාව අපතේ හැර දැන් ගම්මිරිස් කොලෙන් ආවත් වැඩක් නෑ .මිනිස්සු ලිහල බලපු මල්ල ඔබලා බලන්නේ නෑ
හැමදාම ජනතාවට ඔය එක එක කොළ පෙන්නලා කොලේ වහන්න බැහැ .ලබන චන්දෙදි පොහොට්ටු ,බුලත් කොළ ඔය ඔක්කොම සමග ඔබතුමාත් වැටෙන්නේ කුණු බක්කියට .නිසා ඔබට ගැලපෙන හොඳම ලකුණ කුණු බක්කිය .ඒකෙන් ඉල්ලන්න
බෝම්බකරුවන් ගැන පණිවිඩය ආපසු ඇහෙන් නෑ වගේ හිටපු , බෝම්බෙන් පස්සේ දෙමටගොඩ කර්මාන්ත ශාලාවේ ඊයම් බෝල හදපු සැකකරුවන් නිදහස් කරන්න අත්සන ගහපු, මහේන්ද්‍රන් මෙරටට ගේන්න අත්සන් 20000 ක් ගැහුවා කියල කියපු, මෙලෝ රහක් නැති කවි කියකිය මිනිසුන්ගේ කන කාපු, බුලත්කොලයෙන් බැරිනම් පුවක්ගෙඩියෙන් ආවත් මෙහෙමයි.
දැන්වත් ගෙදරට වෙලා ඉන්න.
අවුරුදු 71 ක් තිස්සේ මුහුණු වෙනස් කර කර පාට වෙනස් කර කර පැරදුනත් එල්ලි එලුලීම මේ රට කාබාසීනි කෙරැවා ඇති. දැන් වත් මිනිසුන්ට මොළය පැදේවා! අබ ඇටයක තරම් වත් මොළයක් ඇත්කම් අප රටේ ඡනතාවට දේශපාලුවන්ගේ කෙරුවාවන් අවබෝඨ කර ගත හැක. රටටත් ඡනතාවටත් කිසිදු පලක් නැති අතිශයින්ම දුෂිත දේශපාලුවෝ නැවත නැවතත් තෝරා පත්කරන හා ලෙහෙසියෙන්ම රැවටිය හැකි ජනයා සිටින ලෝකයේ එකම රට මේ සිර ලංකාවයි. වරද කාගේ අතදැයි තමාම වටහා ගත යුතුය.
රාජපක්ෂලාව අවුරුදු 5ක් ආරක්ෂා කලේ මේ අය තමයි.
ආයේ කවදාවත් ඔයාට බලය දෙන්නේ නැහැ මිනිස්සු.
ඒක හොඳයි. ඔබට දේශපාලනයේ ඉහලම තැනට එන්න පුළුවන්.
පොළොන්නරුවේ ගෙදර ඉඳගෙන රජකම් කරනවා කියලා ඇවිත් කොළඹින් කෝටි ගණනක ගෙවල් දෙකක් එකට කරලා මිල දී ගෙන දැන් එන පොට හරි නැහැ .මේ එන්නෙත් රෑ 10 ට බුලත් විටක් කාලා නිදා ගන්න නම් වෙන්න බැහැ .මිනිසුනි අවධිවෙයල්ලා එන පොට හොඳ නැහැ .ඊළඟට දුව .පුතා .ඔහොම තමයි බුලත් කොලේ බෙදා ගෙන එන්නේ .අනේ මිනිසුනි ආයෙත් නම් රැවටෙන්න එපෝ ....මේ ගුලිවලට .ඉස්සෙල්ලාම පාස්කු ප්‍රහාරය සිද්ධ කලේ ඇයි කියලා කියන්න බුලත පෙන්වන්න පෙර
අවුරුදු 5 ක් රට විනාශ කරලා දැන් සුදනා වගේ නැවත රට කන්න තමා එන්න හදන්නේ
ඔබේ අවස්ථාව අවසන්. ඔබ අසාර්ථකයි. ඔබ කවුදැයි ජනතාව දනිති. කරුණාකර නායකයෙකුට, හැකියාවක් ඇති අයෙකුට නායකත්වය දෙන්න
මෙතන කොච්චර කමෙන්ට් දැම්මත් ,මේ රටේ වහල්ලු සොයාගන්න අමාරු නැහැ
ඔබතුමාට ජනාධිපතිකම දක්වා ඉහලම තැනට යන්න ලැබේවා
තවත් ඕකේ මගුල් කරන්නේ නැතුව අයින් වෙලා තරුණ කන්ඩායමකට කරගෙන යන්න දෙනවා ලොක්කා....
ගොයම් කොලේ හොඳ නැතිද ?ඒකෙන්නේ පවුලම ගොඩ ගියේ
මේ අපේ දේශපාලනයෙන් එළවා දැමීමට සුදුසු අයයි.
මොන මුහුනු වරින් ආවත් බුලත් කොලෙ බුලත් කොලේ මයි. එකත් හරියට දින 100 සියල්ල විසඳුවා වගේ , මේ කපේදී තමුසෙට ඔලුව උස්සන්න දෙන්නෙ නැත .
ලංකාවේ හින්දා හරි .නැත්තම් මෙලහට කුණු බිත්තර තමා
හරි ශෝක් සර් .බුලත් කොලේට පුවක් කෑල්ලක් තියලා ගන්න
පිදුරු කන 69ලක්ශේ නම් ඔය පැත්තට ගන්නවා බොරු