(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර ඊයේ (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය .
අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි .
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ ,ඩග්ලස් දේවානන්ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම් , වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගි වූහ.
ඉදිරි අයවැය,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සහ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇත.
එම සාකච්ඡාව අතරවාරයේදී යුගදනවි බලාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ද විමල් වීරවංශ ඇමතිවරයා මුලින් විමසා ඇත.
ඊට පිළිතුරු දී ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම ආයෝජකයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ ආයෝජන මෙරටට ලැබෙන බවත් ,එය රටට වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී ඇත.
යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම ගැටලුකාරී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමති වාසුදේව නානායක්කාර සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද පෙන්වා දී ඇත.
එම සාකච්ඡාව පැය දෙකක් තිස්සේ ගිය නමුත් ,එකඟතාවකින් තොරව අවසන් වී ඇත.
මේ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් අත්සන් කොට ජනාධිපතිවරයාට ලිපියක් භාර දෙන බවද ඔහු සඳහන් කළේය
COMMENTS
විමල් ඉන්නවද
තව ටික දවසකින් කට්ටිය මියො වගෙ ඉඳි ඔන්න....
මේ ඩීසල් බලාගාර පුද්ගලික අංශයේ ඒවා මේවා ගෙන් නිපදවන්න විදුලිය ආයෝජකයන්ට ගන්න දෙන්න අපි මේකට මැදිහත් වෙලා මේ තරම් විදුලි අර්බුදයක් හැදුවේ.
මොළයක් නැද්ද ඔච්චර සුළු දෙයක් තේරුම් ගන්න.
ඔබේ දැනුමෙන් තොරව ගිවිසුම අත්සන් කළ බැවින් කෙලින් තීරණයක් ගෙන රජයෙන් ඉවත් වන්න!
ජනාධිපතිතුමා ආවට පස්සේ මානුෂිකව හිතලා මේකට ඉඩ දෙන්න තීරණය කළා කියලා විමල් කියාවි.
ආපහු පාරක් මීටිමක් දාලා මේ ඔක්කොටම මල්ලක් පිරෙන්න ජාති දෙනවා කියලා, කැමති උනේ නැත්නම් අර ෆයිල් පෙන්නලා නඩු දාලා හිරේ දානවා කියපු ගමන් ඔය අත් ඔක්කොම ඉස්සෙනවා. 20 උනෙත් ඕකමනේ.
ඔය ෆයිල් ටික මෙහාට ගේන්න...
ඔයගොල්ලෝ ආදරෙ ඔගොල්ලන්ට , කරල තියෙන වැඩවලින්, ගහල තියෙන කොමිස් වලින්, රටත් අපිත් ණයකාරයෙක් කරලා තියෙන විදිය දැක්කම ,අපි දන්නවා. ඔයගොල්ලන්ට ගානක් එන් නැත්නම් ඒ වට තිත බව.
අපි කැමති උනත් නැතත් මහින්දයි අනිත් කට්ටියයි කරන්නේ ඒ අයට කැමති දේ මිසක් අපිට කැමති දේ නොවෙයි කියලා මතක තියා ගන්න.
"එදා රනිල් රට විකුණනවා කියලා මහා ගෝරනාඩුවක් කරපු විමල්, රනිල්ට දොන් ජුවන් වික්‍රමසිංහ කියලා නම් පටබැදපු විමල්. අද රාජපක්ෂලා රට විකුණනන කොට ඒවට අත උස්සලා ඇවිත් රටට බොරු රංගන දානවා. විමල් සහ රනිල් අතර තියන වෙනස ඒකයි. හරි හෝ වැරදි රනිල් එදා තමන් ගෙනාව Regaining Sri Lanka වැඩපිලිවෙල වෙනුවෙන් පෙනී හිටියා. ඒ කොන්ද රනිල්ට තිබුණා." ඒ නිසා ඕවා එතරම්ම බරපතලට ගන්න එපා.
කාටවත් මතකද පොර්ට් සිටි ගනුදෙනුව. බටහිර හා නැගෙනහිර පර්යන්ත. මේ දුෂිත පාලකයෝ නැටුවේ මේ වගේ නාඩගමක්.
මිනිසු තාමත් හරි මෝඩයි
ආවාම බලන්න දෙයක් ඉතිරි වෙලා තියෙන්න ඒපැයි
ඉස්සරහට මොනවා වෙයිද
බොරු නාට්ටි රඟන්නේ නැතිව ඉඳපල්ලා බන්... නුඹලා එකතුවෙලා තමයි ඕවා විකුණන්නේ. මහජනතාවගේ ඉදිරියේදී මුකුත් නොදන්න තොත්ත බබ්බු වෙන්න එපා. නුඹලගේ රඟපැම මිනිස්සු දන්නවා.
හවුල් කාර පක්ෂ ලෝකෙට පේන්ඩ බොරු රන්ගපෑමක් කරන්නේ. ලෙමන් පෆ් කකා උපවාසේ කරපු අය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
කාටහරි රාජකීය කොමිස් පාරක් වැදිලා ඇති බව නම් ඒකාන්තයි...!!!