(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තා විදුහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් 20 දෙනෙකුට අද (03) සවස තරයේ අවවාද කර විදුහල්පතිවරයාට හා දෙමාපියන්ට බාරදුන් බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 7 පිහිටි ප්‍රධාන පාසලක සිසුන් පිරිසකි.
මෙම සිසුන් කණ්ඩායම් වශයෙන් වාහන වලින් පැමිණ බාලිකා පාසල් දෙකකට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එම පාසල් වලින් පොලිසියට කළ දැනුම් දීමක් මත විශේෂ පොලිස් කණ්ඩායම් පැමිණ සැකකාර සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදීමකින් වෙන්න ඇති
මේ ඈයෝ ඔච්චර බාලිකා පාසැල් වලට යන්න ආසා නම් ගවුම් අන්දලා ඒවාටම යැව්වා නම් ඉවරයිනේ... දැනට යන පාසලෙන් අස්කරවාගෙන.
මං හිතුව සිසුන් විසින් පොලිස් නිලධාරීන් පිරිස දෙමවුපියන්ට බාර දෙන්න ඇති කියලා, පොලිසියේ හැසිරීම හොඳ නෑ කියලා. කොළඹ හතේ විද්‍යාලයක් වුනාම එහෙමයි සාමාන්‍යයෙන් සිදධ වෙන්නේ.
අපිත් ඔය දේම ඔය විදිහටම කළා බිග් මැච් එක කාලේ. සරසපු ජීප් එකකින් ඔය කාන්තා පාසල් වත්තට ඇතුළු වී පිට්ටනිය මැද 8 ගැහුවා පපර බෑන්ඩ් එකක් එක්ක. පන්ති වල හිටපු ගැහැණු ළමයින්ට මාර ජොලි. ප්‍රින්සිපල්ට මල පැනලා ගේට්ටු වහන්න යන බව දැනගෙන නූලට පැනගත්ත ජීප් එකත් එක්ක.
ඊරියගොල්ල ශූරීන්ගේ මනුතාපය කතාවේ බල්ලාගේ කොටස මතක් වෙනවා. අහිංසක කොල්ලෝ ටිකක්. මුදා හරින්න..
ඔය බිග් මැච් කාලෙට. පාරවල් වල රථ වාහන පෙළපාලි තහනම් කරානම් හරි... කාල තෙලේ වැඩිවෙලා... අවුරුදු ගානකට බිග් මැච් තහනම් කරා නම් ඔය අමාරුව හොදවෙනවා ලංකාවේ කොච්චර දුෂ්කර පාසල් තියෙනවද?....