
(ඩයනා උදයංගනී)
දැනට අපවිත්‍ර වී පවතින බේරේ වැව පවිත්‍රකරණය කිරීමේ අරමුණින් එය වෙත ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් මුදා හැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (21) පෙරවරුවේ සිදුකෙරිණි.
අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී ඇති අතර එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ.
පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට ආදිය පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දී ඇති අතර ඒ අනුව බේරේ වැව වෙත තවත් පාවෙන තෙත් බිම් මුදාහැරීමට තීරණය කර ඇත.
පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදුවන නිසා ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම මෙන්ම ඒ අවට ජීවත්වන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙරේ වැව සුද්ද කිරීමට තමයි හොඳ මේ ආණ්ඩුව. රට ඉවරයි.
රොමේ ගිනි ගනිද්දී නීරෝ විනා වයනවා මතක් උනා.
මේ පැල ටිකක් පා කරන්න මෙච්චර ජාතික ධනය නාස්ති කරලා උත්සව තියන්න ඕනේද? ජනාධිපතිම එන්න ඕන ද? මේ රට බංකොලොත් නොවී තියෙයිද මෙහෙම විකාර කරන කොට ? මම බටහිර හිටියා ටික කාලයක්..එහේ අඩුම ගානේ ප්‍රාදේශීය මන්ත්‍රියෙක්වත් එන්නේ නෑ මේ වගේ ඇබිත්තන් වැඩ වලට. අපේ ලොක්කන්ට රතු පාවඩ දාලා... මහා උත්ස්ව තියන්න ඕන මෙව්වාට... අනේ රටකට ගිය කලක්.
මේ සිල්ලර වැඩ කලාට දැවෙන ප්‍රශ්නවලට උත්තර නොදී මහජනතාව තැබූ විශ්වාසය නැති කිරීම භයානකයි. දැනටම මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. තරුණ ඡන්දවලට ගරු නොකරන රජයකට පැවතිය නොහැකිය. රජය ෆේල් රට ෆේල් ජනපති පාස් වෙන්න බෑ නේද.
මේ වගේ බොරු සෝබන නම් කරාවි, රටේ කප්පරක් ප්‍රශ්න තියනවා .බේරේ වැව සුද්ද කරාම ඔක්කොම හරියාවි .මුළුරටම කුණු වෙලා ජරාවෙලා ඕජස්ගලනවා. ඒවා එහෙම තියාගෙන පඩ ෂෝ දමනවා .විරුවාගේ මානසිකත්වය මේකෙන්ම තේරෙනවා .69 ලක්ෂයක් ම රැවටුනා නෙව
හොද වැඩක් .....
මොකුත්ම නැතුවට වඩා හොදයි