
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බොරළු ව්‍යාපාරයක් සම්බන්ධව ඇතිවූ ආරවුලකින් පසු බරපතල කැපුම් තුවාල ලැබූ තිදරු පියා අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට අද (17) ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ බරපතල කැපුම් තුවාල ලබා ඇත්තේ 40 හැවිරිදි තිදරු පියකු වන සුජීත් ප්‍රනාන්දු නැමති ආණමඩුව කට්ටකඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
බොරළු ව්‍යාපාරිකයින් අතර එම ව්‍යාපාරය සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් පසුව මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට දී කඩුවලින් කපා දරුණු තුවාල සිදු කර තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල වූ ව්‍යාපාරිකයා හලාවත රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව හලාවත රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයෙන් පැමිණි සැකකාර බොරළු ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගණන් ගත යුතු ප්‍රශ්නයක් නොවේ. පොහොට්ටු පක්ෂයේ පක්ෂයක්..