(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් යතුරු පැදියකින් ගමන් කර සිටි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කර පලාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අද අලුයම 4.30ට පමණ පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදියකින් යමින් සිටියදී ඩුප්ලිකේෂන් හංදියේදී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරට ලක්ව බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිෆෙන්ඩරයේ ගිය අයියට අද සැන්දෑ අඳුරත් සමග පොලිසියෙන් හොඳ සත්කාරයක් ලැබෙයි.
සාමාන්‍ය මනුස්සයෙක් ඕකේ හැපුණා නම් පොලිසිය ඔය විදිහට හොයන එකක් නැහැ..
ඩිෆෙන්ඩර් දෙකක් යන්න ඇත්තේ ආරක්ෂාවට... ඒවාට පසුපසින් තවත් මෝටෝ රථ පැමිණෙන්නට ඇති. හරියට තොරතුරු අනාවරණය නොකොළොත් ජනතාවට විශාල සැකයක් ඇතිවීමට ඉඩ ඇත.
සාමාන්‍ය මිනිසෙක් අතින් උනානම් ලංකාවේ පොලිසිය සලකන හැටි හොදින් දන්නවා...