(ඔගස්ටින් ප්‍රනාන්දු)
බීමතින් උල් පිහියක් රැගෙන සිය බිරිඳට හිරිහැර කිරිමට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නොවැම්බර් 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා අද (22) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මන්ත්‍රී මුගුණුවටවන මහගම පදිංචි රන් කිරණ පේඩිගේ වසන්ත තිජට් වික්‍රමසිංහ යන අයයි.
සැකකරු අධික ලෙසින් මත්පැන් පානය කර උල් පිහියක් ගෙන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවිකාවක ලෙසින් සේවය කරන සිය බිරිඳ හමුවට පැමිණ ඇයට පිහියෙන් අනින්න තැත් කරන අවස්ථාවේ දී රෝහල් පරිශ්‍රය තුළදී ආරක්ෂකයින් විසින් අල්ලා පොලිසියට බාර දි තිබිණි.
සැකකරු බීමතින් උල් ආයුධයක් අතැතිව රාජ්‍ය ආයතනයකට ඇතුළු වි සිය බිරිඳට අනින්නට තැත් කිරීමේ චෝදනාවට අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
COMMENTS
ගැහැණියකට පිහියකින් අනින්න තරම් " අමුනුස්සයෙක් උනානේ". පිරිමි කමටත් ලැජ්ජයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී. මෙම අදහස් සියලුම සියලුම ජනාධිපති , අගමැති ,ඇමති , මන්ත්‍රී ඇතුළු හැලිවදුරන් 225 ටම කියවීමට හැකි වේවා !
ගැහැනියෙක්ට පිහියෙන් ඇන්නොත් විතරද අමනුස්සයෙක් වෙන්නේ? පිරිමි ඔටුවොද?
පොහොට්ටුවේ ආධාරකරුවන්ගේ තත්වය ඔච්චර තමා. අපේ රටට දෙවි පිහිටයි.
තවත් පොහොට්ටුවෙක්ගේ මැර ක්‍රියාවක්. මෙහෙම පොහොට්ටුවන්ට චණ්ඩිකම් කරන්නද ගෝඨව ජනාධිපතිපති කරන්න කියන්නේ.
මෙය ශ්‍රී ලංකාවේ ගෝත්‍රික දේශපාලනයට පිවිසීමට ඇති ප්‍රබල වේ. මම ඉතාම වගකීමෙන් කියන්නේ අපේ රටේ දියවන්නාවේ ඉන්න ඔය නරි 225 න් බාගයකටවත් ඔය සුදුසුකම ඕනෑවටත් වැඩිය තියෙනවා. මෙය සමහරවිට ශ්‍රී ලංකා වාර්තාවක්ද විය හැක.