(ඩයනා උදයංගනී)

මීට දෙවසරකට පෙර සැමියා හා දරුවන් සමඟ පාස්කු ඉරිදා දේව මෙහෙයට කටුවාපිටිය පල්ලියට ආ නිරංජලී යසවර්ධන මහත්මිය අද සිය පවුලම අහිමි වූ පටාචාරාවකි.

ඇය අද තම සැමියා හා දරුවන් මිහිදන් කළ සුසාන භූමියට පැමිණ සිටියේ තම හිඩ ද මුඩු කරගෙනය.

ඇය එහින්පැමිණෙන්නට පෙර සිය මුහුණු පොතෙහි මෙසේ සටහන් කර තිබිණි.

"අදින් වසර දෙකකට කලින්, අද වගේ දවසක බිරිඳ සහ අම්මා යන පදවි දෙක අමානුෂික ලෙස මගෙන් උදුරා ගත්තා. අම්මා කෙනෙකු ලෙස මා සිදුකරන ලද සියලුම කැපකිරීම් සහ යුතුකම් වල වටිනාකම ශුන්‍යයක් වී මා අද ජීවත්වීමේ අරගලය සමගින් හෙම්බත්ව ඇත ."