IMG-LOGO

බිරිඳ - දරුවා ආතතියෙන් නිසා ඇලෝසියස්ට ඇප ඉල්ලයි

(නිමන්ති රණසිංහ)


ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් යන අයගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම හේතුවෙන් එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා අද (25) අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.


ජනාධිපති නිතීඥවරයා විසින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ පැවැත්වූ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.


එමෙන්ම ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ අදහස ලබන නඩුවාරයේදී ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් අධිකරණය සැකකරුවන් දෙදෙනා වූ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.


මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ පසු කොළඹ මහාධිකරණය මෙන්ම අභියාචනාධිකරණයෙන් ද එම ඇප ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.



අදහස් (16)

බිරිඳ - දරුවා ආතතියෙන් නිසා ඇලෝසියස්ට ඇප ඉල්ලයි

Bandula. Thursday, 25 October 2018 11:29 AM

මහා බැංකුවේ සල්ලි නිසා අද මුළු රටේම ජනතාව ආතතියෙන්. ඒ නිසා ඔහේ තව ටිකක් හිටපු දෙන මේක ඉවරවෙනකන් නේද?

:       0       12

gallage Thursday, 25 October 2018 11:30 AM

කොහොමද රටේ මිනිස්සුන්ට දුන්න ආතතිය.

:       0       5

Sammy Thursday, 25 October 2018 12:03 PM

ඇලෝසියස්ලා නිසා අපි ඔක්කොම ඉන්නෙත් ආතතියෙන්

:       0       7

shan saudi Thursday, 25 October 2018 12:07 PM

එහෙනම් හිරේ ඉන්න හැම කෙනාගේම දරුවෝ ගැහැණු ඉන්නේ ආතතියෙන් තමයි. සේරටම ඇප දීලා ගෙදර යවන්න. ගෙදර යවලා බන්ධනාගාර සේරම වහලා දාන්න.

:       0       0

Sarasi Thursday, 25 October 2018 12:11 PM

ආ ! එතකොට මේ විදියටම නීතිය ඉදිරියේ චුදිතයන් බවට පත් වුන අවශේෂ රටවැසියන්ගේ අඹු දරුවන්ට මානසික ආතතියක් නැද්ද ? අනේ පොඩ්ඩකට අමතක වුනා. මේක ලංකාවනේ ! අඹු දරුවනුත් ඔවුන්ගේ දුක් කම්කටොලුත් එක එක පැලන්ති අනුව වෙනස් වෙනවානේ.

:       0       0

Hafeel Thursday, 25 October 2018 12:13 PM

ඉදිරියේදී දඬුවම් ලැබුණත් මොනවාද වෙන්නේ? මෙහම කී දෙනක් අද සිරගත වෙලා ඉන්නේ? එහමනං හිර ගෙවල්වල් වහන්නයි වෙන්නේ. වරන්තු පිට ඉන්න මාමණ්ඩිය කොහෙද? මේක සුළු සුළු අලාභයක්ද?

:       0       0

sam Thursday, 25 October 2018 12:44 PM

හැම කසාද බැදපු හිරකාරයෙක්ගේම බිරින්දෑවරු සහ දරුවන් මානසික ආතතීයෙන්, නොබදපු අයගේ දෙමව්පියෝ මානසික ආතතියෙන්. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්. මාර ඉල්ලීම්.එහෙනම් ඉතින් හිරකාරයෝ ගෙදර යවල අධිකරණ සහ හිරගෙවල් වහල දාමු.

:       0       0

subash Thursday, 25 October 2018 12:59 PM

එතකොට මෙයාගේ වැඩ නිසා රටක් ආතතියෙන් පෙලෙන එකට මොකද කරන්නේ. ඒ සල්ලි නැවත අරගෙන මෙවැනි හොරකම් නොකරන්ට මෙයාලට දඩුවම් දෙන්ට ඕනේ. මෙයාල හරි ලොකු මිනිස්සුනේ. දැන් බලුකුදුවේ ලගිනකොට තම කට්ටියට ආතතිය.

:       0       0

katakahanawata Thursday, 25 October 2018 01:44 PM

මෙවැනි දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ මේ දෙපළ විතරක් නෙවේ. අනෙක් පිරිසගේ බිරින්දෑ වරුන් සහ දරුවන් ආතතියෙන් නොපෙලෙන්නේද ? එසේත් නොමැතිනම් ජනාධිපති නිතීඥවරු අල්ලාගැනීමට මුදල් නොමතිනිසා ඒ පිරිස ආතතියෙන් නොපෙලෙන්නේද ?

:       0       0

පිටිගල මිලානෝ Thursday, 25 October 2018 01:50 PM

මේ හොරු නිසා මුළු රටටම ආතතිය. දෙන්න එපා ඇප. මාමාට දෙවැනි නැහැ බෑනා. ආතතිය නම් මාමාට ලංකාවට එන්න කියන්න.

:       0       0

රවින් Thursday, 25 October 2018 01:57 PM

මෙයා වංචා කරපු නිසා රටේ පොදු ජනතාවත් මානසික ආතතියෙන් පෙළෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු සෑම දේවලම මිල අධික නිසා කුඩා දරුවා ගේ පටන් මහල්ලා දක්වා අධික මානසික පිඩාවට පත් වෙලයි ඉන්නේ. එතන දෙන්නයි රටේ අනිකුත් වැසියන්? ,

:       0       0

bandara Thursday, 25 October 2018 02:27 PM

ඔබ නිසා රටම ආතතියෙන්..

:       0       0

Thushara Thursday, 25 October 2018 05:53 PM

ඔබතුමන්ලා නිසා රටේ බොහෝ දෙනෙක්ට ආතතිය.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 25 October 2018 07:01 PM

ඕක මහා ලොකු අසනීපයක් නෙවි. හැමෝටම වගේ ඔය වගේ ඉහෙන් බහින ලෙඩ තියෙනවා මේ කාලේ.

:       0       0

truth Friday, 26 October 2018 03:39 AM

මොවුන්ගේ වැඩ නිසා මුළු රටේම ජනතාව ආතතියෙන්!

:       0       0

Bandula. Friday, 26 October 2018 05:50 AM

එත්...........මෙයාල නිසා මුලු රටේම මිනිස්සු අද ආතතියෙන් එනිසා මේ වන අයට ඇපදෙන්න පෙර දෙපාරක් හිතුවොත් නරකද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site