( තිළිණි ද සිල්වා )
 
කොළඹ මරදානේ පිහිටි බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය අද (21) සිට මහජනයා සදහා විවෘත කළ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
 
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කොට දින කීපයක් තිස්සේ සංචරණ සිමා පනවා තිබීම හේතුවෙන් මෙම කාර්යාලය වසා දමා තිබුණි.


පසුව විදේශ අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා හා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද සාකච්ඡාවල ප්‍රතිථලයක් ලෙස නැවත ඊයේ සිට බ්‍රිතාන්‍ය වීසා කාර්යාලය විවෘත කර ඇත.
 
වෛද්‍යවරු ,ශිෂ්‍යයන් ඇතුළු බ්‍රිතාන්‍යයට  යාමේ අපේක්ෂාවෙන් සිටින විශාල පිරිසකට මෙමඟින් සිය අපේක්ෂා ඉටු කර ගැනිමේ  පහසුකම් සැලසෙන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී