IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට

 

 

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.  
 
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.
 
‘මොන්ට්රොස්’  නෞකාවේ අණදෙන නිලධාරී වන කමාන්ඩර් කෝනර් ඕනේල් මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති සහ රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා හමුවිය. එහිදී  සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
 
දිගින් මීටර් 133 ක් වන  ‘මොන්ට්රොස්’ නෞකාව ටොන් 3610 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකින් ද සමන්විතය. 
 
සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (03) ‘මොන්ට්රොස්’  නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



අදහස් (5)

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට

anura Tuesday, 02 April 2019 10:56 AM

මේක අහල අද දවස වීරවංශ බයට ඇද යට හැංගිලා ඉන්නවා කියල ආරංචියි.

:       56       165

sirimal Tuesday, 02 April 2019 11:38 AM

ඕස්ට්‍රේලියාවෙන් ආව කට්ටිය ලවා කරගත්තා වගේ මේ කට්ටිය ලවාත් මුහුඳු තීරයේ ඉතුරු ටිකත් පිරිසිදු කරගන්න බැලුවොත් හොඳයි.

:       0       26

sena Tuesday, 02 April 2019 12:13 PM

අපේ රටට සංචාරකයෝ එනවාට වැඩිය යුද නැව් එනවා

:       6       19

rasika Tuesday, 02 April 2019 07:36 PM

ඇඳ යට හැංගෙන්න වෙන්නේ වීරවංසට කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුන්ට තමයි.. ලංකාව ජාත්‍යන්තර නාවික බල අරගලයකට මැදි වෙන්න යන්නේ.. මේවා හරියට කළමනාකරණය කලේ නැත්නම් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්නේ.. චීනේ පන්නන්න ඇමෙරිකාව ගෙනාවොත් චීනෙට හම්බන්තොට, ඇමෙරිකාවට ත්‍රිකුණාමලය.. ඉන්දියාවට මත්තල ... බ්‍රිතාන්‍යට තව කොහේ හරි දීලා අරාබියට කැලේ කපලා දුන්නට පස්සේ ලංකාවේ දේශපාලකයෝ ටිකයි, සල්ලිකාරයෝ ටිකයි ඇමෙරිකාවේ, එංගලන්තේ , කැනඩාවේ පදිංචියට යාවි.. ඒ අයට කඩේ ගිය, මේවයේ ලොකු කතා කියපු කට්ටියට වහල් සේවය සහ යුද බිය ඉතුරු වේවි.. ඒක උතුරේ, දකුණේ , නැගෙනහිර බටහිර කියල හෝ සිංහල, දෙමල ,මුස්ලිම් කියලා වෙනසක් නැතිවේවි...

:       365       429

තේජාන්විත Thursday, 04 April 2019 04:48 AM

අනේ ප්ලිස් අපිට ගහල අයෙත් මේ රට අල්ලගන්නකො . උඹලගේ මුළු අධිරජයම නොකරපු තරම් කාබාසිනියාවක් අද 255 එකතුවෙලා මේ රටට කරනවා. අපේකම ගැන පුරසාරම් බෑවට අපි තාමත් වැඩ කරන්නේ උඹල හදල ගිය නීතියට. එකත් සමහර වෙලාවට උන්ට ඕනේ ඕනේ විදිහට නාවනවා. ඉතුරු වෙලා තියන ගහකොළ සතා සිව්පාව වතුර ටිකවත් පරිස්සන් වෙයි. වදින්නම් අපිට ගහල අල්ලගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site