IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අධිකරණ ඇමැති හමුවෙයි

(දසුන් රාජපක්ෂ) 

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ස්ටන් මහත්මිය අතර විශේෂ හමුවක් අද (27) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වත්මන් ආණ්ඩුව විසින් නීති ක්ෂේත්‍රයේ ඉටු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර අංශයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කරනු ලැබ තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම්පත් සම්පාදනය යන අංශයන් සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් විශේෂඥ දැනුම ලබාදීමට සුදානම් බවත් සිදු කර ගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවත් මහ කොමසාරිස්වරිය එහිදී ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙරට සෑම ජන වර්ගයකටම නීතියේ හා යුක්තියේ සාධාරණත්වය එකසේ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙල බවත් ඡන්දය ලබා දුන් නොදුන් සියලු දෙනාටම එකසේ සේවය කිරීමට මෙම රජය කටයුතු කරන බවත් නීතියේ ආධිපත්‍යය සුරකීම සඳහා රජය කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.



අදහස් (6)

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අධිකරණ ඇමැති හමුවෙයි

සරදියෙල් Friday, 27 December 2019 01:05 PM

ලංකාවේ මානව හිමිකම් සහ නීතිය බ්‍රිතාන්‍යයින්ට අදාල වෙන්නේ කෙසේදැයි අහන්න කෙනෙක් නැත්ද?

:       7       62

DhammikaFriday, 27 December 2019 03:36 PM

ලංකාවේ අපි මොකටද රෝම, ලන්දේසි නීතිය තවමත් පාවිච්චි කරන්නේ.. අපේ වැරැද්ද..

:       1       20

සමන් - ඕමානයFriday, 27 December 2019 06:28 PM

එ්කනම් ඇත්ත, සරදියෙල් උන්නැහේ! මේ අය ඇවිත් අපට ටොකු අනින්නේ ඇයි? මේවා ඒ ගොල්ලන්ට ඇඟිලි ගහන්න අවශ්‍ය දේවල් නොවෙයි. අපේ අභ්‍යන්තර දේවල්. නිවට අැම්බැට්ටයාට එළුවාත් රැවුල පානවා කියලා කියන කතාව මට මතක් වෙනවා.

:       0       1

rohana kumara mendis Friday, 27 December 2019 07:46 PM

දන්නා තරම තමයි. එහෙනම් මොකටද මානව හිමිකම් කවුන්සිලයක් ජිනීවා වල තියෙන්නේ? අපේ අය පොඩ්ඩ ඇත්නම් එහෙ දුවන්නේ දුක කියන්න අසාධාරණයක් වුනාම ජිනීවා යන්නේ අැයි? මෙහෙම විසඳගන්න පුළුවන්නේ නොදන්නා දේ කියන්න ලියන්න එපා. සරදියෙල් නමටත් කැතයි.

:       0       1

Raveendra Saturday, 28 December 2019 04:05 AM

අපේ "සිරියෙන් පිරි පාල" ගොයියා ඇහුවද දන්නේ නැහැ මේ නංගිලාගේ හමුදාව වෙනරටවල මේ මොහොතේත් මානව හිමිකම්වලට ගරු කරමින් ද යුද්ධ කරන්නේ කියල‍ා.

:       0       17

Bamunuarachchi Sunday, 29 December 2019 03:59 AM

ඇස් යටින් කොහෙද බලන්නේ?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site