( තිළිණි ද සිල්වා )
එක්සත් රාජධානියේ කොවිඩ් අවදානම් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
ලබන 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තීන්දුව ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
එම තීරණය අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල සිට පැමිණෙන සංචාරකයින්/පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අනවශ්‍ය බව එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවද එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් මහතා සදහන් කර ඇත.
මෙලෙස කාවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන අනෙක් රටවල් වන්නේ, තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව වේ.
එරට රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනද සිය ප්‍රසාදය පළ කළ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍යයේ කොවිඩ් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි
Akila Saturday, 18 September 2021 08:05 AM
මේකේ සම්පුර්ණ ගෞරවය රජයට හිමි වෙන්න ඕනේ, රෝගය පැතිරීම පාලනය කරගන්න බැරි උනත් PCR අඩු කරලා කොහොම හරි රතු ලැයිස්තුවෙන් අයින් වුණා
පිටිගල මිලානෝ Saturday, 18 September 2021 11:44 AM
මෙය හොද දෙයක්. දැන් සංචාරකයන්ගේ පැමිනීම වැඩිවේවි. කොරෝනා හැදෙන්නේ නොසැලකිලිමත් මෝඩයන්ටයි. ඒ අයව මෙතෙක් ආරක්ශා කරා ඇති. රටක් හැටියට අපි සැලකිල්ලෙන් ඉදිරියට යායුතුයි. නැත්නම් ගොඩ එන්න බැරි ආගාදයකට රට වැටෙයි.