
ලෙබනන අගනුවර මධ්‍යයේ අද (5) සිදු වූ දැවන්ත පිපිරීමෙන් රෝහල් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් රෝහල් දෙකකට දැඩි හානි සිදු වී ඇතැයි ද “ඔඩර් ඔෆ් නර්සස් ඉන් බීරූට්” සංවිධානයේ සභාපති වෛද්‍ය මිර්නා ඩූමිට් මහත්මිය ප්‍රකාශ කළාය.
“ඒ රෝහල්වල සිටි රෝගීන් අපට වෙනත් රෝහල්වලට ගෙනියන්න සිදුවුණා. ඒ වගේම තවත් රෝහල් දෙකකට අර්ධ වශයෙන් හානි සිදු වී තිබෙනා. මේක මහ විනාශයක්. රටේ සෞඛ්‍ය පද්ධතියට එල්ල වූ දැවැන්ත පහරක. රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල මට්ටමකට වැටී තිබුණේ. එවැනි අවස්ථාවක තමයි මෙය සිදුවුණේ” ලෙබනන අගනුවරදී අල්ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඇය කීවාය.
“එම රෝහල්වල සිටි හෙදියන් අපට නැතිවුණා. වෙච්ච දේ ගැන කියන්න මට වචන නැහැ. ඒක නිකං භයානක හොල්මන් චිත්‍රපටයක් වගේ” යැයි ඇය තවදුරටත් කීවාය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd