IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩුව කල්යයි

( තිළිණි ද සිල්වා )

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිෂ්ප‍්‍රභ කර තිබු නඩුව විභාගයට ගැනීම ලබන දෙසැම්බර් 6 වැනිදා තෙක් කල් දැමීමට එම අධිකරණය තීන්දු කර ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නඩුව වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයේ හමුවේ ඊයේ (19) කැඳවූ අතර එහිදී නඩුවට අදාළ ලිපිගොනුවල අඩුපාඩුවක් පැවතීම හේතුවෙන් විභාගයට ගැනීම කල් දැමීමට වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එමා අර්බත් නෝට්  තීන්දු කර ඇත.

බි‍්‍රගේඩියර්  ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එම අධිකරණයෙන් මීට පෙර නිකුත් කළ වරෙන්තුව ද අවලංගු කිරීමට ද මහේස්ත‍්‍රාත්වරිය තීන්දු කර ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා ප‍්‍රජාව විසින් එල්.ටී.ටී.ඊ ධජ සහිතව විරෝධතාවයක් ද පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ 2018 වසරේ නිදහස් දින උළෙලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙළ සිඳ දමන ආකාරය දනවන අභිනයක් කළැයි කියන සිද්ධියකට අදාළව එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව මජුරාන් සතානන්දන් නැමැත්තා එම නඩුව ගොනු කළ කළේය.

මීට පෙර මෙම නඩුවට අදාළව වෙස්ට්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි මස 21 වන දින බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර පසුව එය පෙබරවාරි 1 වැනිදා ඉල්ලා අස්කර ගන්නා ලදී.

එක්සත් රාජධානියේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝණය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතා වරදකරු  ලබාදෙන ලද නියෝගයද   මාර්තු මස 15 වැනිදා වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළේය.

නමුත් වගඋත්තරකරු නියෝජනයකින් තොරව  වැරදිකරු බවට නිගමනය කර, අසාධාරණ ක‍්‍රියාදාමයකට තුඩු දුන් වැරදි හෝ දෝෂ මාලාවක්” හුවා  දක්වමින්,  එරට 1980 මහේස්ත‍්‍රාත් අධිකරණ පනතේ 142 වන ඡේදය යටතේ නඩුව යළිත් කැඳවීමට පියවර ගනු ලැබිණි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දු මහතා  රාජතාන්ත‍්‍රික නිලධාරියකු  ලෙස,  1961 රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධි විධාන ප‍්‍රකාරව, රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියට හිමිකම් ලබන බවට ශ්‍රී ලංකා රජයේ  අඛණ්ඩ ස්ථාවර යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේය.

ඒ අනුව අනෝන්‍යය වූ මෙම බැඳීම ප‍්‍රකාර සිය වගකීම් ඉටු කරන ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (4)

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩුව කල්යයි

sharm warn Wednesday, 20 November 2019 09:43 AM

ඔහු වෙනුවෙන් අපි කතා කල යුතුයි. සිංහල ජාතිය සහ බෞද්ධාගම මේ රටේ අනන්‍යතාවය. ඒක නැහැ කියන්න හරි නැති කරන්න හරි කවුරු හරි උත්සහ කරනවා නම් අපි ජාතියක් වශයෙන් ඊට එරෙහිව නැගී සිටිය යුතුයි... ජාතිය සහ ආගම විජාතිකයන්ට පාවා දීම මින් ඉදිරියට සිදු නොවිය යුතුයි.

:       20       72

Nuwan Wednesday, 20 November 2019 09:47 AM

රැකගතයුතු ශ්‍රී ලංකික වීර පුතෙක්!!!

:       4       64

NuwanWednesday, 20 November 2019 11:55 AM

මට ඩිස්ලයික් දාලා තියෙන්නේ කාලිංග මාගගෙන් සහ තොරෝන්බෝල් වෙළදාමේ ආපු අයගෙන් පැවත එන අය. සිංහල අය නෙමේ.

:       0       5

sudelmi Wednesday, 20 November 2019 11:52 AM

නිල ඇඳුම උඩින් සිංහලකම මතුවුන අවස්ථාවක්. සුද්දගේ නීතිය ඉදිරියේ වරදක් උනත් මව්බිම වෙනුවෙන් ඔබ කළ දේ ආඩම්බරයක්. අපි හැමෝම මේ අවස්ථාවේ මොහුට උදව් කළ යුතුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 89 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site