IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -සරත් වීරසේකර

ඩයනා උදයංගනී

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

කළුතර මුණසිංහ ආරාමයේ දී අද (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කී ඇමතිවරයා මෙරට ඇති දහසකට වැඩි මද්‍රසා පාසල් තහනම් කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව කීවේය.

අන්තවාදයට හේතුවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇති හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.



අදහස් (25)

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -සරත් වීරසේකර

banda Saturday, 13 March 2021 08:30 AM

මේවා කෙරෙනවා නම් හොඳ වැඩේ මහත්තයෝ.. නමුත් ඔබතුමා හැමදාම කළේ කටින් බතල කොළ හිටවන එක විතරයි. මේ මොන නාඩගම නැටුවත් සීනි හොරකම ජනතාවට වසන් කරන්න බැහැ.

:       19       93

mihira Saturday, 13 March 2021 08:31 AM

පළාත් සභා නිසා කරන නාට්‍යයක් වෙන්නැති..

:       14       78

sena Saturday, 13 March 2021 08:35 AM

අනේ මගේ කට... දැන් ඉතින් බඩුමිල අඩුවෙලා. රැකීරක්ෂා ඇතිවෙලා රට සමෘධිමත් වේවි. මේවා හොඳයි ඉතින් අපේ මෝඩ රැළට පොඩි සොමියක් දෙන්න. දැන් ආණ්ඩුවට එල්ලෙන්න ඉතුරුවෙලා තිබුණේ මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාවට...

:       21       86

nisarSaturday, 13 March 2021 12:44 PM

කුසගින්නේ මැරුණත් කමක් නැහැ.. මුස්ලිම් මිනිස්සුන්ට රිද්දනවා නම් අපි ඡන්දෙ ලබාදෙනවා.

:       24       69

BamunuarachchiMonday, 15 March 2021 03:35 AM

හලෝ පොඩ්ඩක් හිතන්න අපි හින්දුවරුන්ට රිද්දන්න හදන්නේ නැහැ නේද? ක්‍රිස්තියානි අයට රිද්දන්න හදන්නේ නැහැනේද? ඇයි ඒ? රිද්දනවා නම් ඇයි ඔබලාට පමණක්? හේතුව අන්න අසාද් සාලි කිව්වා. හලෝ කුසගින්නේ මැරෙන්නත් අපේම කියන රටක් තිබෙන්න ඕනේ...

:       0       0

namal Saturday, 13 March 2021 10:29 AM

පුදුමයි... !!! 

:       6       29

ase Saturday, 13 March 2021 10:56 AM

කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළ පලියට නීතියක් වෙනව‍ාද?

:       7       61

AnuruddhaSaturday, 13 March 2021 04:05 PM

ඔබේ කථාව 100% ක් ඇත්ත.අපේ රටේ ඇමතිලා හිතන් ඉන්නේ කැබිනට් ප්‍රතිකාර කියන්නේ රටේ නිති කියලද?

:       0       0

සිල්වා Saturday, 13 March 2021 11:18 AM

එතකොට මද්‍රසා පාසල් තහනම් කරන්න පරක්කු මොකද මහත්තයෝ? ෂරියා නීති, ෂරියා අධ්‍යාපන ආයතන, වහබ් වාදය තහනම් කරනවා නම් තව කොච්චර දේවල් තියෙනවද? තහනම ක්‍රියාත්මක කෙරුණු දවසක අපි විශ්වාස කරන්නම් මෙන්න මේවා කෙරුණා කියලා.

:       11       57

Lanka Saturday, 13 March 2021 11:21 AM

ඔව් දැන් මට පේනවා පප්පා ගම.., ඡන්දයක් අත ළඟ බව..

:       9       60

Raveendra Saturday, 13 March 2021 11:28 AM

ඉම්රාන් ඛාන්ගෙන් අහලද දන්නේ නෑ සර්..?

:       14       46

Dasa P Saturday, 13 March 2021 12:47 PM

අපරාදේ කඩදාසි වල සල්ලි...

:       8       40

mohomed Saturday, 13 March 2021 01:29 PM

මහාම විකාර කර කර මුස්ලිම් මනුස්සයාට රිද්දනවාට වඩා හොඳයි මුස්ලිම් ආගම ලංකාවෙන් තහනම් කරලා දැම්මා නම්...

:       17       28

Rusiru Saturday, 13 March 2021 01:32 PM

තවත් බොරු කරන්න එපා! හෙන ගහනවා!

:       9       36

Sam Saturday, 13 March 2021 03:32 PM

මහා අන්තවාදී වැඩක්... මෙයාගේ කතාවෙන් තෙරෙනවා මෙයා අන්තවාදී, ජාතිවාදී කියලා, පාස්කු විමර්ෂණ වාර්තාව ගලගොඩ ඥාණසාර හිමි ගැන කියන එක පිලි ගන්නේ නෑලු, අනිත් දෙවල් පිළිගන්නවලු ඩබල් ගේම් ගහන්නේ..

:       18       29

sira Saturday, 13 March 2021 03:33 PM

සීනි ප්‍රශ්නය අවිලුණාට පස්සේ ඒක වහන්න ජාතික කොඩිය සහිත පාපිස්නයක් දැම්මා... එ්ත් වැඩේ හරි ගියේ නෑ. දැන් බුර්කාව දාලා බලන්නද කොහෙද යන්නේ...?

:       8       44

BamunuarachchiMonday, 15 March 2021 03:38 AM

ඔහෙලා වගේ මිනිස්සු අපිට මුහුණට මුහුණ මුණගැසෙන්නේ නැහැනේ.. අන්න එ්කයි දුක... පාසල් කාලේ ඉගෙනගත්ත බොක්සිං අමතක වේගෙන යනවා.

:       0       0

Nihal Saturday, 13 March 2021 03:37 PM

පාපිස්සෙන් වහන්න බැරි වූ සීනි බුර්කාවෙන් වැසිය හැකිද?

:       8       53

ana Saturday, 13 March 2021 03:42 PM

සෑම වර්ගයකම වර්ගවාදයෙන් විනාශ වී යන මගේ රටේ එයට විරුද්ධව හඬ නගන්න නැත්ද උගතුන් බුද්දිමතුන් නැත්ද? නැත්නම් බුදිද? කොමියුනිස්ට් වාදියනි, සිටිනවා නම් නව ආකාරයකින් අවදි වන්න. වර්ගවාදය ලෝකයම විනාශ කරන්න ආසන්නයි. අවදි වන්න. ජන වර්ග නොව මානව වර්ගය ආරක්ෂා කර ගන්න...

:       0       0

Perera Saturday, 13 March 2021 11:27 PM

කැබිනට් පත්‍රිකාවද අත්සන් කරපුවාම රෙගුලාසි නීතියක් සම්මත වෙනවද?

:       0       0

Nissam Sunday, 14 March 2021 03:04 AM

සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු, ආයිත් බුර්කාව නැවත ලබාදෙනවා.

:       0       0

nimalka Sunday, 14 March 2021 04:28 AM

සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා..!!! අනාගතය සුරක්ෂිත වෙන්නේ ඒ ජන කොටසට ඇති ආර්ථික ශක්තියෙන් සහ ජනගහනයෙන්. එහෙම නැතිව බුර්කාවෙන්ද? බෝ ගස්, බුදුපිළිම, දාගැබ් ගණනෙන් නෙවෙයි.

:       0       0

සෙනෙවිරත්න Sunday, 14 March 2021 05:59 AM

මේක කෙරෙන වැඩක් නොවේ..

:       0       0

Asanga Monday, 15 March 2021 02:03 AM

දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේකනේ... අනේ මෙහෙමත් මිනිස්සු..

:       0       0

sharm warn Monday, 15 March 2021 03:58 AM

පාස්කු ඉරිදා කරපු අපරාධ බුර්කාවෙන්ද වහන්න යන්නේ මෙයා දැන්..? හැබැයි මද්‍රසා පාසල් නීතිගත කරනවලු. කාගේ වුවමනාවකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

බියගම ජලනල ගබඩාවක ගින්නක්
2024 පෙබරවාරි මස 28 505 0

බියගම බන්ඩරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ජල නල ගබඩාකර කර තිබූ ස්ථානයක් ආසන්නයේ අද (28) සවස හටගත් ගින්නනක් හේතුවෙන් විශාල ප්‍රදේශයකට හානි සිදුව ඇ


මහ බැංකුවේ පඩි වැඩි වූ හේතුව මෙන්න
2024 පෙබරවාරි මස 27 5902 37

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙ


උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
2024 පෙබරවාරි මස 27 5949 13

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත


ගුවන් ගමන් හතක් අදත් අවලංගුයි
2024 පෙබරවාරි මස 27 2444 5

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තො


දේශබන්දු පොලිස්පති පුටුවට
2024 පෙබරවාරි මස 26 4023 20

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී ඇත.


වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි
2024 පෙබරවාරි මස 26 6515 21

ඇල්පිටිය දිවිතුරුගමදී අද (26) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 379 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site