IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට-2ක් රෝහලේ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ වැඩපොලක අද(3) උදෑසන බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයකු  මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා ජාවිඩ් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත.  

ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් සේවයේ නිරත ඉන්දියානු සමාගමක් මගින් පවත්වාගෙන යන  මෙම කම්හලේ අබලි යකඩ උණු කරමින් තිබියදී බොයිලේරුව පිපිරීමකට ලක් වීමෙන් එහි දියවී තිබූ යකඩ කොටස් විසිරීමෙන් පිළිස්සුම් තුවාල ලත් තිදෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ජාවිඩ් නමැති ඉන්දියානු ජාතිකයා  මියගොස් ඇති බව හෙළි වී ඇත.බරපතළ තත්ත්වයේ සිටි සෙසු තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට මාරුකර යවනු ලැබීය.

පිපිරීමත් සමඟ ම විසිරී ගිය ද්‍රාවණය වූ යකඩ කොටස්  විසිරී මෙන් පසු තැන තැන කුට්ටි වශයෙන් විසිරී පැවති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සිද්ධිය වූ ස්ථානය පොලිස් අපරාධ පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද පොලිසිය කටයුතු යොදනු ලැබීය. මියගිය  අය ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.



අදහස් (1)

බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට-2ක් රෝහලේ

සිරි Sunday, 03 January 2021 06:09 AM

කොටදෙනියාවේ සුප්‍රසිද්ධ ඕඅයිසී මහත්මයා තවම එහෙද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site