(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ තොටලාගල වත්තේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් දාහතර දෙනකු බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය කියයි.
ගසක බැඳ තිබූ බඹර කූඩු කීපයක් ඇවිස්සී තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසට එළව එළවා පහර දී තිබේ.
ඉන් තුවාල ලැබූ කාන්තාවන් දාහතර දෙනකු කඩිනමින් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ අතර අසාධ්‍ය තතත්වයේ සිටි කාන්තාවන් දෙදෙනකු දියතලාව මූලික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd