
( සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල කළුපහන ගලපිටයාය ප්‍රදේශයේ සංචාරයක පැමිණි පිරිසකට අද (03 ) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ තරුණයන් පස් දෙනකු රෝහල් ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
කළුපහන ප්‍රදේශයට සංචාරයක පැමිණි පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
ගලපිටයාය,ගලපිටගල, කන්ද තරණය කරමින් සිටියදී අසල ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම පිරිසට දිගින් දිගටම පහරදී ඇති අතර ඒ මොහොතේ ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ තරුණයකු ප්‍රථමයෙන් බළන්ගොඩ මූලික රෝහලට එවා ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන් තව හතරදෙනකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ විට බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනකු කඩිනමින් දියතලාව මූලික රෝහලට මාරු කර යවා තිබේ.
වයස අවුරුදු 25, 27, 32, 33, සහ,38 වයසේ පසුවන තරුණයන් පස් දෙනකු මෙසේ බඹර ප්‍රහාරයට ලක් වී තිබේ.

COMMENTS
ලොක්ඩවුන් ඉවර කරා විතරයි සංචාරය පටන්ගත්තා. බඹරු හිතන්න ඇති උන්වත් මිනිසුන්ට පාඩමක් උගන්වන්න ඕන කියලා.