(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු අද (7) ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි.
ආගරපතන පොලිස් වසමට අයත් වෙන්මොර් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු අද (7) පස්වරු 1 ට පමණ පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා ආගරපතන ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 30 දෙනෙකු සහ වතු කම්කරුවන් පස්දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇත.
බඹර ඇනීමෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ආගරපතන රෝහලේ වෛද්‍යවරු පවසති.


COMMENTS
මේ මොන කරදරයක්ද, හැමදාම වතු සේවකයන් තුට්ටු දෙකේ පඩියට විඳින දුක.