(රංජිත් රාජපක්ෂ)
තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්.විජෙකුමාර් (49) නැමති දෙදරු පියෙකි.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරුවා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විට මිය ගිය බවත්, මිය ගිය වතු කම්කරුවන්ට බඹරුන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරය එල්ල කර තිබු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා පැවසීය.
තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කූඩුවක් එකවරම ඇවිස්සී වතු කම්කරුවන්ට පහර දී ඇති බව එම වතුයායේ පාලන අධිකාරිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd