IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයන් සොයන්න නාවික හමුදා සහය

(පාලිත ආරියවංශ )

 

ඇල්ල , රාවණාඇල්ලේ ඉහළ කොටසේ  පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ,බඹරගම  දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීම සදහා අද (26)  නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවීමට පියවරගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය .


ඊයේ (25) දහවල්  තවත් පිරිසක් සමඟ  දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් විය .


 ඔවුන් දෙදෙනා සමඟ  දියට වැටුණු එක් තරුණයෙක්  අසීරුවෙන් බේරී හිසේ තුවාල සහිතව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ .


සිද්ධියෙන් අතුරුදන් වූ කැප්පිටිපොල දිවුරුම්වෙල පදිංචි එම්.බී. ප්‍රසාද් මංජු (21) ලංගම කොන්දොස්තර වරයෙකි .


අතුරුදන් අනෙක් තරුණයා හීල්ඔය උඩ අරාව පදිංචි  විශ්ව ප්‍රකාශ් විජේසුන්දර (20)  අපොස උසස්පෙළ ශිෂ්‍යයෙකි.


සිද්ධියෙන් දිවිගලවාගෙන ඇත්තේ සුමිත් චාමර ජයසේකර (23)නමැති හීල්ඔය අම්පිටිය පදිංචි තරුණයෙකි .


මෙම තරුණයන් තිදෙනා මිතුරන් වන අතර  ඔවුන් තිදෙනා සමග පවුලේ ඥාතින් කීපදෙනෙක්ද දිය නෑමට ගොස් ඇතත් පවුලේ අය ‘කලුවල‘ නැමති ස්ථානයේ දිය නාද්දි  මෙම මිතුරන් තිදෙනා  දියඇල්ලේ පහළට ගොස් තිබේ .



අදහස් (0)

බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයන් සොයන්න නාවික හමුදා සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site