IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බෝම්බ සිද්ධියට සම්බන්ධ නැති පිරිස් නිදහස් කරන්නැයි මුස්ලිම් මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලති

(රංජන් කස්තුරි)

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාස්කු දා බෝම්බ ප්‍රහාරය සිද්ධියෙන් පසුව ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී ඇති අතර බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාට කරුණු කියා තිබේ.

සිද්ධීන්වලට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවද ඔවුන් සිදුවීම්වලට සම්බන්ධ නැතිබව තහවුරු කර හැකි ඉක්මනින් නිදහස් කරන්නැයිද එහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා ලංකාදීපයට පැවැසීය.

නැවත ඇමැතිධූර බාරගැනීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ බවද මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කර නුදුරු දිනකදී තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයාට දැන්වූ බවද අමීර් අලී  මහතා කීය.

රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එම්.එච් ෆවුසි, ෆයිසාල් කාසීම්, අලී සහීඩ් මව්ලානා, එම් මන්සූර් යන මන්ත්‍රීවරුන් එලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.



අදහස් (13)

බෝම්බ සිද්ධියට සම්බන්ධ නැති පිරිස් නිදහස් කරන්නැයි මුස්ලිම් මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලති

කරුණාපාල Tuesday, 09 July 2019 08:16 PM

ලංකාව හතර වටේටම බෝම්බ ගැහුවේ, දැනුවත්ව කියලා කාටවත්ම තවම තේරිලාම නැද්ද? දැන දැනම ඇස් කන් පියාගෙන ඉන්න කියලා උපදෙස් දුන්නේ ඔය ත්‍රස්තවාදී සංවිධානය නිර්මාණය කල අය.

:       0       0

සමන් - ඕමානයWednesday, 10 July 2019 04:26 PM

රටේ අපරාධයක් සිද්ධ වුණාම, සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීමක්. ඒක, ජන සමාජයේ සියලුම ජනතාවගේ ආරක්ෂාව සඳහා කළයුතු දෙයක්. එය ජාති, ආගම්, කුල ආදී භේද අනුව වෙනස් නොවිය යුතුයි. මොකද මේ, මුස්ලිම් සැකකරුවන් ගැන එහෙම නැත්නම්, දෙමල සැකකරුවන් ගැන විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වෙලා තියෙන්නේ? රටේ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහල සැකකරුවන් වහාම නිදහස් කරන්න කියලා සිංහල මන්ත්‍රීවරුන් එකතු වෙලා ඉල්ලීම් කරනවද? මුස්ලිම් නායකයින්ගෙන් මේ විද්‍යාමාන වෙන්නේ ඔවුන්ගේ ජාතිවාදය නොවේද? අනේ මන්දා මට විතරද මේක තේරෙන්නේ?

:       0       0

ranjith Tuesday, 09 July 2019 10:13 PM

සම්බන්ද නෙති මිනිස්සු අත්අඩංගුවට ගනීවිද ආරක්ෂක අංශවලට රටේ ආරක්ෂාව තහුරු කරන්න දෙන්නේ නෙති හැටි. මේක පුදුම රටක් වෙලා අද

:       0       0

abaran Wednesday, 10 July 2019 12:41 AM

මේ එකෙක්වත් කිව්වද බෝම්බ ගහපු අය අත් අඩංගුවට ගන්න කියලා...

:       0       0

saman Wednesday, 10 July 2019 12:44 AM

සම්බන්දද නැද්ද කියල හොයන්න යම් කාලයක් ඕනා. හොයල මිසක් නිදහස් කරන්න එපා.

:       0       0

රවින් Wednesday, 10 July 2019 01:22 AM

ඔය කියන එක්කෙනා මමත්වය ගැන පමණක්ම මිස අනිකුන්ගේ ආරක්ෂාව ගැනනම් හිතන්නේ නැහැ. ත්‍රස්ත කටයුතු ගැන ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු වේ. මොකද ත්‍රස්තවාදියා හැමවිටම අවස්ථාවදියකි. කොහොම උනත් ආරක්ෂක අංශ වැඩවලට ඇඟිලි නොගහා හිටියොත් කාගේ කාගේ ජිවිත වලටත් දීර්ග ආයුෂ.

:       1       16

ජයන්ත මේ Wednesday, 10 July 2019 02:59 AM

ඇමැතිදූර බාරගන්නයි මෙපමන ආයාචනා කරන්නෙ ,ඔවුන් නැතිව රට ඉදිරියට යන්නේ නැති නිසාද එහෙම නැතිනම් ඉදිරි මැතිවරණයේදී තමන්ට වාසි බලාපොරොත්තු වෙන්ද.

:       1       12

Saman Wednesday, 10 July 2019 03:19 AM

සැකකරුවන් නිදහස් කරන තීරනය ගත යුත්තේ පරීක්ශන කරන අයද? මුස්ලිම් මන්ත්‍රිද? ජනාධිපතිද?

:       10       28

සේන Wednesday, 10 July 2019 05:19 AM

අන්තවාදීන් . මොවුන් කවදාවත් මැද සාවතක⁣ට එන්නෙ නැති තමා සහ තම වර්ගයා ගැන පමණක් හිතන පටු , ආකල්පවලට සීමාවුණු නිත්‍ය ආත්මාර්ථකාමීන්. සිංහල නායකයින් මොවුන්ගේ ඡන්ද ටිකට ලොබ බැඳ , ඔවුන්ව සිප සනසාලන්නට වෙර දැරුවහොත් එම නායකයින්ද මෙදා පාර ගෙදරම නතරවනු ඇත.

:       12       223

Gune Wednesday, 10 July 2019 06:52 AM

ඒ අය නිදහස් කර මේ අය ඇතුලට දාන්න ඕනේ.

:       5       4

දිමුත් Wednesday, 10 July 2019 06:58 AM

මොන ආණ්ඩුව ආවත් මොවුන් ගොඩ!

:       3       9

Bamunuarachchi Wednesday, 10 July 2019 07:45 AM

හමුදාපති ප්‍රසිද්දියේ කීවේ අවුරුදු එකහමාරකින් අහන්න කියලනේ. ඒක ඇසුනේ නැද්ද?

:       0       0

Asanka Wednesday, 10 July 2019 10:55 AM

බමුණුආරච්චි.. හමුදාපතිගේ කයිය විතරයි. අපි දැක්කනේ සාක්ෂි දෙන හැටි... මා හිතවත් ඇමතිතුමා බලපෑම් කලේ නැහැ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29648 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18229 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11836 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 735 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 220 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 870 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site