(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ නවතා තිබී ආරක්ෂක අංශ විසින් පුපුරවාහරින ලද බෝම්බ සවිකළ වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම සැකකරු දුටු බව කියන පුද්ගලයන් සිව්දෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත, අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු විසින් අඳින ලද ඔහුගේ රුව සහිත සිතුවම් ඔස්සේ සැකකරු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මරාගෙන මැරෙන බෝම්බකරු සමග සම්බන්ධකම් පැවැත් වූ බව කියන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රුව සහිත සිතුවම් 4 ක් පෙරේදා (13) මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
948
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝම්බ වෑන්රියේ ආසන සැකසීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට