(මහින්ද නිශ්ශංක)
බීමතින් බස් රථයක් ධාවනය කළ යාපනය ශ්‍රී ලංගම ඩිපෝවේ රියැදුරුගේ සේවය වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට අද(31) උපදෙස් දුන්නේය.
යාපනය සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය කළ මෙම බස්රථයේ රියදුරු ඊයේ(30) රාත්‍රියේ යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ගමන්මල්ලේ තිබී අරක්කු සහ බියර් බෝතල්ද පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල් වලනම් ඔන්ද ස්පොට් ඩිස්මිස්. මාස 6ක් හිරේ. බලපත්‍රය අවුරුදු 5කට තහනම්... යාපනේ හින්දා බයටද වැඩ තහනම් කලේ..?
ඇමතිතුමෝ සෙමි බස්වල වැඩෙත් බස්වල දාන දහජරා සිංදුවල වැඩෙත් කිව්ව විදියට කෙරනවද කියලා බැලුවොත් නරකද...?
අම්පාර සිට කොළඹ යන සෙමි බස්වලත් සීමාව ඉක්මවා සෙනඟ පටවාගෙන යනඑක ගැන බලන්න... මෙය බලවත් අසාධාරණයකි.
දේශපාලුවන්ට උන්ගේ විසේකාර පුත්තුන්ට නීති කිසිවක් වලංගු නැතුව ඇති...
බීමතින් සිටි රියදුරුගේ, රජයේ සේවකයෙකුගේ වැඩ තහනම් කිරීමට ඇමතිවරයෙක් උපදෙස් දෙන්න අවශ්‍ය නෑ. මේක රජයේ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන සාමාන්‍ය රාජකාරියක්. පුද්ගලික බස්රථ මහපාරේ කොටකොටා යාම නිසා මගීන්ට සිදුවන කාලය නාස්ති වීමත්, ඒ නිසාම වාහන බහුල මාර්ගවල ඇතිවන වාහන තදබදයත් නැවැත්වූවොත් අන්න නියම ඇමති රාජකාරියක් කළා වෙනවා.
බීලා ඩ්‍රයිව් කළ එක තමයි අවුල. නැතිනම් පොඩ්ඩක් බීවාම මොකද? මහන්සි වෙන හැටියට...