IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බීමතින් රිය පැද පොලිසියට බැණ වැදුණු අයෙක් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

රියදුරු බලපත‍්‍රය නොමැතිව බීමත්ව පොලිස් අණ නොතකා යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් පුද්ගලයකු පෙබරවාරි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද  අල්විස් මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පදවිය පදිංචි අක්වත්තගේ ඉසංක මධුෂාන් ජයරත්න නැමැත්තෙකි.

සැකකරු සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයාට කරුණු දක්වමින් පදවිය පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල් රුවන් කරුණාදාස මහතා පැවසුවේ  කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ඇති ප‍්‍රධාන මාර්ගයේ අපරීක්ෂාකාරීව  අධික වේගයෙන් යතුරුපැදිය නවතන ලෙසට පදවිය නගරාසන්නයේ දී පොලිසිය අණ කළද එම අණ නොතකා සැකකරු යතුරු පැදිය ධාවනය කර ඇති බවයි.

පසුව මහත් පරිශ‍්‍රමයක් යොදා බීමත්ව සිටි සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් බවද කියා සිටි කොස්තාපල්වරයා සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට  ඔහු අසභ්‍ය වචනයෙන් බැණ වැදී පොලිසියේ රාජාකාරියට බාධා කර ඇති බවද සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පසුව තමන්ට අධික කොන්දේ අමාරුවක් පවතින බව ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සැකකරු පදවිය පොලිසියේ සිට 1990 සුව සැරිය ගිලන් රථයෙන් පදවිය මූලික රෝහලට රැගෙන ගිය බවද අධිකරණයට කියා සිටි පොලිස් කොස්තාපල්වරයා එසේ රැගෙන යන අතරතුර සුව සැරිය ගිලන් රථයේ කාර්ය මණ්ඩලයට ද රෝහලට රැගෙන ගිය පසු රෝහලේ  මුරකරුට ද අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව කොස්තාපල්වරයා සඳහන් කළේය.

ඒ බව සුව සැරිය ගිලන් රථයේ කාර්ය මන්ඩලයේ සහ රෝහල් මුරකරුගේ ප‍්‍රකාශ මගින් තහවුරු වී ඇති බවද මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දුන් පොලිස් කොස්තාපල් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.



අදහස් (2)

බීමතින් රිය පැද පොලිසියට බැණ වැදුණු අයෙක් රිමාන්ඩ්

ravi Monday, 03 February 2020 11:06 AM

මෙවැනි පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍රය.. වහාම ක්‍රියාත්මක වනපරිදි අවලංගු විය යුතුයි..!!!

:       0       0

BamunuarachchiMonday, 03 February 2020 01:36 PM

කොහොමද දන්නේ පොලිසිය කියන්නේ ඇත්තක්ද කියලා... පොලිස් කාරයින්ගේ වැඩ අපි නොදන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site