IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බාබඩෝස් - ශාන්ත ලුසියා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

(තිළිණි ද සිල්වා)

දූපත් රාජ්‍යයන් දෙකක් සමඟ නව රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මෙලෙස නව රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ බාබඩෝස් රාජ්‍ය හා ශාන්ත ලුසියා යන දූපත් රාජ්‍යයන් සමඟිනි.

දෙරටේ රජයන් සමඟ ද්විපාර්ශික සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙම රාජ්‍ය තාන්ත‍්‍රික ඇරඹූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

බාබඩෝස් සහ ශාන්ත ලූසියා යන රටවල් සමඟ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත‍්‍රවල එම රාජ්‍යයන් දැනට පවත්නා මිත‍්‍ර සබඳතා හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව බාබඩෝස් සහ ශාන්ත ලුසියා අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට අත්සත් තැබීම ඉකුත් දා ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී සිදු කෙරුණු අතර ඊට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා අත්සන් තබන ලදී.

බාබඩෝස් රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ බාබාඩෝස් නිත්‍ය නියෝජිත තානාපතිනි එච්. එලිසබෙත් තොම්සන් මහත්මිය ද , ශාන්ත ලුසියා රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ ශාන්ත ලුසියා නිත්‍ය නියෝජිත තානාපති කොස්මොස් රිචඩ්සන් මහතාද ඊට අත්සන් තබා ඇත.

 



අදහස් (1)

බාබඩෝස් - ශාන්ත ලුසියා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

Kumar Monday, 01 July 2019 04:36 PM

ලංකාවේ ජනාධිපතිතුමා ගමනක් යන්න සූදානම් වෙනවා වගෙයි. මේ දිනවල බාබඩෝස් දූපත සංචාරකයින්ගෙන් පිරිලා ඇති.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 70 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site