(සිරංගිකා ලොකුකරවිට)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පොලිසියට දැනුම් දුන් විට පොලිසිය තම තොරතුරු ජාවාරම්කරුවන්ට දෙන බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී උදුල විශ්වජිත් ජයනෙත්ති මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම් අවස්ථාවේ දී අදහස් දක්වමිනි. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම එහි සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
''මත්කුඩු හා මත්පැන් ජාවාරම දැන් වසංගතයක් වෙලා. පාසැල් යන වයසේ දරුවකුවත් තියාගන්න බෑ. මේ කටයුතු ක්‍රියාත්මකවෙන්නේ දුරකථන අංක හරහා කෙරෙන ඊසි කෑෂ් ගනුදෙනුවලින්. පොලිසිය කියන්නේ මේවා පාලනය කරන්න බෑ කියලා. කරාපිටියේ ගොඩකන්ද වැනි ප්‍රදේශවල මෙය තදින්ම පැතිරිලා. ප්‍රාදේශීය සභාව හැටියට මේ කටයුතු පාලනය කරන්න අවශ්‍ය සියලු පියවර අප විසින් ගත යුතුයි"
මෙහි දී අදහස් දැක්වූ උප සභාපති පොදු ජන පෙරමුණු මන්ත්‍රී ධම්මික සුමිත් ජයසේකර මහතා මෙසේ කීවේය.
''කුරුන්දකන්ද, තොටගොඩ, කපුහෙම්පල ප්‍රදේශවල කසිප්පු හා මත්කුඩු ජාවාරම බහුලව සිදුවෙනවා. කුරුන්ද කන්ද පාරේ හැන්දෑවට මනුස්සයෙකුට පාරෙ බැහැලා යන්න බැහැ. පොලිසියටත් මේ ජාවාරම්කාරයන් අල්ලන්න හෝ පාලනය කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරු දැනුම්වත් කරන්න කටයුතු කරන්න. කුරුන්ද කන්දේ සොහොන් පිටිය මැදින් තියෙන තාවකාලික පාර දැන් මේ ජාවාරම්කාරයට හොඳ මාර්ගයක් වෙලා. මේ මාර්ග වසා දැමීමට කටයුතු කළ යුතුයි."
2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘බෝපේ - පෝද්දල මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසිය පියවර ගන්නේ නෑ’
චාමර Tuesday, 19 February 2019 04:24 AM
මේ වගේම තමය් ඉංගිරිය සහ ඒ අවට ගම් ...විශේෂයෙන්ම නම්බපාන ..දන්නා කාලේ ඉඳලම බරපතල ලෙස මෙම ජාවාරම් කරගෙන යනවා...කවදාවත් පොලිසියෙන් උත්සාහ ගත්තේ නෑ මේවා නැති කරන්න....විකුණන්න සහ උසාවි යන්න වෙනම මිනිස්සු තියාගෙන....කරන ......විශාල ජාවාරම් .....මේවා නවත්තන්න පොලිසියට ඕන කමක් නැහැ....... හේතුව මෙතන කියන්න ඕන නෑ නේ...
Nawodhi Tuesday, 19 February 2019 04:55 AM
පිළියන්දල පොලිසිය වේද මාවත හරහා මත කුඩු ගෙන යයි. දැන් මේ මාර්ගය ජාවාරම්කාරයට හොඳ මාර්ගයක් වෙලා.