
(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුගඟේ කුරුවිට පිහිටි බෝපත් ඇල්ල සහ ඒ අවටත්, ගඟ දිගේ වර්ණගල දක්වා ගං ඉවුරු දෙපසේත් පැල සිටුවා කුරුගඟ ආරක්‍ෂා කිරීමේ වැඩසටහනක් 25දා බෝපත් ඇල්ල අසලින් ආරම්භ විය.
බෝපත් අසපුව විහාරාධිපති තෙප්පනාවේ පියදස්සි හිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම වැඩසටහනට කුරුවිට ප‍්‍රාදේශීය සභාවේ පූර්ණ අනුග‍්‍රහය ද ලැබිණි.
කුඹුක්, මී, ආදී ජලය පිරිසිදු කරන ශාක මෙන්ම පළතුරු ශාක ද ඇතුලූව පැල දහසක් පමණ සිටුවන බව පියදස්සි හිමියෝ පැවසූහ. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ලේකම් මංජුලා ඉඳිගහවෙල මහත්මිය ඊට එක්ව සිටියාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd