IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘බැඳුම්කර හොරු සියලු දෙනාටම දඬුවම් දෙන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පචුවෙල් ටෙෂරිස් සමාගම 2015ට පසු බැදුම්කර මගින් සහ 2015ට පෙර‍ කොටස් වෙළදපොළ මගින් රුපියල් බිලියන ගණනින් අයථා ලාභ ලබා ඇති බව වෝහාරික විගණනය මගින් තහවුරු වී ඇති බැවින් මේ ගණුදෙනු වලට සම්බන්ධ සියලූ දෙනා තරා තිරම නොබලා අධිකරණය හමුවට ඉදිරිපත් කර දඩුවම් පමුණුවන ලෙසට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(02) පැවසීය.
 
පක්ෂ දේශපාලනය ගැන කතා කරනවා වෙනුවට ජනතා මුදල් වංචා කළ සියලූ දෙනාට නීතිය ක‍්‍රියාත්මක කිරීමට සියලූ දෙනා ඉදිරිපත් විය යුතුව ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
 
කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.
 
‘‘ලෝකයේ විශිෂ්ඨතම ආයතන දෙකක් උපයෝගි කරගෙන මහබැංකු බැදුම්කර සම්බන්ධ වෝහාරික විගණනය සිදුකර තිබෙනවා. මේ  කිසි දේකට ලංකාවේ අය සම්බන්ධ නැහැ.
 
බැදුම්කර වෙළඳපොලේ තිබුන ගණුදෙනු සහ කොටස් වෙළඳපොලේ තිබුණු ගණුදෙනු සම්බන්ධයෙන් මෙහිදී මූලික විමර්ශන දෙකක් සිදුකරලා තියෙනවා. වෙනත් විදියකට  කියනවනම් මහරගම ගෙවල් කඩපු සිද්ධියක් සම්බන්ධයෙන් සහ කොල්ලූපිටියේ ගෙවල් කඩපු සිද්දියක් සම්බන්ධයෙන්  වෙච්ච පරීක්ෂණ දෙකක් මෙතන තියෙනවා.  දැන් හොයන්න තියෙන්නේ මේ සිද්ධීන්  වලට සම්බන්ධ වෙලා ඉන්නේ එකම පිරිසක්ද කියන එකයි.
 
2002 ජනවාරි ඉඳලා 2015 පෙබරවාරි 27 වනදා දක්වා වූ ගණුදෙණු මේ වෝහාරික විගණනයේ එක වෙලූමක සදහන් වෙනවා. 2015 පෙබරවාරි 01 දා සිට 2016 මාර්තු 31 වනදා වනතෙක් ගණුදෙනු  හතරවෙනි වෙලූමේ සදහන් වෙනවා.

අපේ රජයට බැදුම්කර ගණුදෙනු  පිළිබද එල්ල වූ චෝදනා පිළිබද සම්පූර්ණ වෝහාරික විගණනයක් මෙහි ඇතුළත් වෙනවා. මේ වාර්තාවට අනුව බැදුම්කර වෙළදපොළ ප‍්‍රථමික වෙලදපොළ  සහ ද්විතීක වෙළදපොල ලෙස දෙකට බෙදා තිබෙනවා. 

ප‍්‍රථමික වෙලදපොලෙන් රජයට වෙච්ච පාඩුව ගණණය කරනු ලබනවා. ද්විතීක වෙළදපොලෙන්  වෙන්නේ තුන්වෙනි පාර්ශවයක් විසින් ලබා ගනු ලබන අයුතු ලාභය ගණනය කිරීමයි.  මේ මගින් රජයට වෙච්ච පාඩුව වෙනම ගණනය කරනවා. අනික් පැත්තෙන් බැදුම්කර ද්විතීක වෙළදපොලේ  විකුණලා ලබා ගත් අයුතු ලාභය වෙනම ගණනය කරනු ලබනවා.
 
ඒ අයුතු ලාභය ලබා ගන්න කරපු ගණුදෙනුවෙ එහා පැත්තේ ඉන්නේ අර්ථ සාධක  අරමුදලනම් මෙවැනි  ගණුදෙනු මගින්  අර්ථසාධක අරමුදලට කොච්චර පාඩු වෙලා තියෙනවද කියලා වෙනමම විගණනය  කරලා බලලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සියලූ අදාළ  ලියකියවිළි පරීක්සා කරලා ඉතාම ගැඹුරු විගණනයක් මින් සිදුකරලා තියෙනවා.
 
මෙතෙන්දි විද්‍යුත් උපකරණ භාවිතය පිළිබදවත් සම්පූර්ණ වාර්තා ලබා ගෙන තිබෙනවා.  ඒ අනුව ඔවුන් තෝරා ගත් පුද්ගළයන්ගේ ජංගම දුරකථන,  පරිගණක, දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, වයිබර්, වට්ස්අප්  ආදි මේ සියල්ලකම ඒ මගින් ලබා ගෙන තියෙනවා. මකා දැමූ  ෆයිලූත් මේ අය යළි ලබාගෙන තිබෙනවා. ඒ අනුව රන්ජන් රාමනායකට එහා ගියපු හඩපටත් මේකේ තියෙනවා.
 
ඊළඟට  තෝරගත් අයගේ බැකු ගිනුම් බලලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පළවූ  පෘවාත්ති, ලිපි බලලා තියෙනවා. ඒ සියලූ දේට අමතරව මොවුන් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා  සිදුකර තිබෙනවා.
 
නමුත්  මෙතන යම් කිසි හිඩසක්  සිදුව ඇති බව ඔවුන් සදහන් කරලා තියෙනවා.  ඒ තමයි අර්ජුන් මහේන්දු‍්‍රන් සමග ඒ අයට සාකච්ඡා කරන්න බැරිවෙලා තියෙනවා. 

දෙවැනි  එත තමයි මෙයට පෙර  හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්  මහතා ගැන විද්‍යුත් උපකරණ භාවිතය පිළද තොරතුරු එකක්වත් මේ අයට ලැබී නැහැ. මෙයට අමතරව එතුමන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළා, ප‍්‍රශ්නාවලියක් යොමු කළා නමුත් ඔවුන්ට එයට ප‍්‍රතිචාර නොදැක්වූ බවට මෙහි සදහන් කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධ සියලූ තොරතුරු විශාල පරිශ‍්‍රමයක් යොදලා ලබා ගන්න ඔවුන්ට හැකිවුනා කියලත් මෙහි සදහන් වෙනවා.
 
විගණකාධිපතිතුමන්ගේ වාර්ථාවට, පාර්ලිමේන්තු  කෝප් කමිටු වාර්තාවට, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව  බැදුම්කර නිකුතුවලදී හිටපු  මහබැංකු අධිපති අර්ජුන් මහේන්දු‍්‍රන් නීතියට පටහැනිව  කටයුතු කිරීම මගින් රජයට විශාල පාඩුවක් සිදු ඇති බව හෙළි වී තිබෙනවා.
 
2015 පෙබරවාරි 27 වනදා වනවිට  රජයට සිදුවූ අවම පාඩුව සහ  උපරීම පාඩුව කියලා මෙතන දක්වලා තියෙනවා. ඒ අනුව  අවම පාඩුව කියලා කියනවා  රුපියල් මිලියන  1106යි. උපරිම පාඩුව කියළා කියනවා රුපියල් මිලියන 1114යි.  2016 මාර්තු  වනවිට උපරිම පාඩුව මිලියන 2872ක් අවම පාඩුව මිලියන 2298 ක් ලෙස සටහන් වෙනවා.  මේ මම කිව්වේ ප‍්‍රථමික වෙළ`දපොලේ හෙවත් රජයට සිදුවු පාඩුවයි.
 
මේ ගණුදෙනු බලන්න  ඕන සංසන්දනාත්මකයි.  එහෙම නැතුව පාඩු ගණනය කරන්න බැහැ. ඔය පාද  සටහන් ගැන කතා කරනවිට මෙවැනි තාක්ෂණික  කාරණා තමයි ඒවායේ ඉදිරිපත් වෙලා  තිබුණේ. වෝහාරික විගණනය කළ යුතුයි කියලා එහි තමයි සදහන් වෙලා තිබුණේ.
 
අපිට හැමදාම මේ දෙකයි පනහේ දේශපාලනය කරන්න බැහැ. අපිට පුලූවන් වෙන්න  ඕන දේශපාලන පක්ෂය කුමක් වුනත් රට වෙනුවෙන් වැඩ කරන්න. එතනදි අපිට සත්‍ය ප‍්‍රකාශ කරන එක අත්‍යවශ්‍ය වෙනවා.  දැන් උදාහරනයක් විදියට අපි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ  ඉදිද්දි දැනගෙන හිටියේ සුලූ ප‍්‍රමාණයක් නම් මේ වෝහාරික විගණනය මගින් අපිට විශාල ප‍්‍රමාණයක්  ලැබිලා තියෙනවා.  අතීීතය දිහා බැලූවොත්  අපි මේ ගැන මොනවද දැනගෙන හිටියේ කියලා මට හිතෙනවා.

පක්ෂ දේශපාලනය කළා කියලා අපිට මෙතන නොයෙයකුත්  දේ කයන්න බැහැ.  අපි එදා කෝප් එකෙත් අදත්, හෙටත් සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්නවා. අපි කිසිකෙනෙකුට  සුදු හුනු ගාන්නවත්, කිසි කෙනෙකුට මඩ ගහන්නවත්  බලාපොරොත්තු වෙන්නේ නැහැ.  නමුත් මේවට සම්බන්ධ වූ සියලූ දෙනා අධිකරණය  ඉදිරියට ගෙනත් පනවන්න පුලූවන් දැඩිම දඩුවම් පැනවිය යුතුයි.
2015 ට පස්සේ මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ බැදුම්කර වෙලඳපොලේ. 2015ට කලින් මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොටස් වෙළදපොළේ. 2015 න් ප්සෙ කරන්නේ අඩුවෙන් අරන් වැඩියෙන් විකුණනවා. 2015 ට කලින් කරන්නෙත් ඒකමයි.  ගණුදෙනුවේ සභාවය එකමයි.  වෙලා තියෙන්නේ ඇලෝෂියස් මහතා ගණුදෙණු කරන පිරිස පමණයි වෙනස් වෙන්නේ.

 



අදහස් (15)

‘‘බැඳුම්කර හොරු සියලු දෙනාටම දඬුවම් දෙන්න‘‘

සෙනෙවි Sunday, 02 February 2020 12:24 PM

එතකොට උන් බේරන්න "ෆුට් නෝට්" ගහපු ඈයින්ට මක්කැයි කොරන්නේ?

:       329       292

De Sunday, 02 February 2020 01:25 PM

සෙනෙවි වෙත, ඔවුන් ඔක්කෝටම කොළඹ සරසවියෙන් අාචාර්ය උපාධිය දෙමු. වෙන කුමක් කරන්නද කිරි පුතා...? එතකොට තමයි ජනතාව සර්ප්‍රයිස් වෙන්නේ... කොහොමද මගේ කොරෝනා මොලේ?

:       1       143

Rathnayake Sunday, 02 February 2020 01:31 PM

එතකොට 2002-2015 දක්වා කාලය ඇතුළත අර්ථ සාධක අරමුදලේ මුදල් හොරාකාපු අය පසුගිය ඡනාධිපතිවරණයේදී කිව්වා මහබැංකුව මහදවල් හොරාකෑවා කියලා. එතකොට අපි ආයේත් වතාවක් රැවටුණා නේද? 1948 ඉඳලා අද වෙනකම් මේ පක්ෂ දෙක අපට කලේ මේ ටික තමයි. මම අවුරුදු 25ක්ම රට එනවා යනවා... දුක තමයි ඉතිරි...

:       11       237

සඳුන් Sunday, 02 February 2020 01:50 PM

ඔය විගණන වාර්තාව ජනතාවටත් ඉදිරිපත් කරන්න. මේ හොර කල්ලි දෙකම තට්ටු මාරුවට, අර්ථයෙන්, ධර්මයෙන් හොරකම් කලේ රටේ ජනතාවගේ, උප නූපන් දරුවන්ගේ සල්ලිටික.. දැන් මේ හොර හැතිකරයට රෙදි නැතිව කඩේ යනවුන් හොයන්නේ කවුද ලොකුම හොරා කියලා...

:       0       129

Raveendra Sunday, 02 February 2020 01:56 PM

ෆුට් නෝට් ලිව්ව පරයින්ටත් එක්කද දන්නේ නැහැ මේ ගොයියා කියන්නේ? කවුරු වුණත් හොරානම් දඬුවම් දිය යුතුය යන්න අපගේ අදහසයි. ඒ හොරා කොලද, නිල්ද, රතුද යන්න අපට නම් කිසිඳු වැදගත්කමක් නැත. මහජන දේපළ හොරා කාපු කවුරුවත් වැලිගම යනකොට හොඳින් නොගිය බව අපට ඉතිහාසය මැනවින් කියාදී ඇත. "සම හරක් " මහපාරේදීම දිව්‍යලෝකේ ගියා... සමහරු අනේකවිධ දුක් විඳලා මැරුණේ... එබැවින් දැන් ඉන්න මී හරකුන් 225ටත් කියන්නේ "අහිංසක මිනිසුන්ගේ රීරිමාංශ ගිල්ලා නම්" මැරෙන්නෙත් එහෙමම බව. මෙම අදහස් 225ටම කියවීමට හැකිවේවා !!!

:       1       102

ruwan Sunday, 02 February 2020 03:17 PM

අනේ නිකන් යන්න.

:       49       0

saliya Sunday, 02 February 2020 03:27 PM

ජනාධිපතිතුමා හොරකමට ඉඩදෙන්නේ නැති බව සපථ කර ඇති බැවින් මේ හොරකම් කළ උන්දැලා, කූඩුවේ දැමීම ප්‍රමුඛ කාර්යය ලෙස කරනු දැක්ම, සමස්ත ලංකා වාසීන්ගේ බලාපොරොත්තුවයි. එමෙන්ම දැන් එලිවීගෙන එන එයාර් බස් අල්ලස් ගත් අයටද ඉක්මන් ක්‍රියාමාර්ග ගනීවි...

:       1       9

සත්‍යපාල Sunday, 02 February 2020 06:08 PM

කූඩුවේ දාන්නේ කොහොමද මහපරිමාණයේ හොරු තමුන්ගෙම අය වෙච්ච්.

:       0       0

HemanthaMonday, 03 February 2020 03:52 AM

මෑත කාලයේ බිහිවූ දේශපාලකයන් සහ ඔවූන්ගේ පවුල්වල අය හොරු නොවේය, හොරකමට අනුබල නොදෙන්නේය කීම අපිම අපි රවටා ගැනීමක් බව කරුණාවෙන් මතකයේ තබා ගන්න.

:       0       1

Rasika Sunday, 02 February 2020 04:18 PM

දැන් අවුරුදු හතර හමාරක් පොල්ගෑවද? හීනෙන් නැගිට්ටා වගේ කියන්නේ? එතකොට අර එහෙම හොර කමක් වුනේ නැහැ කියලා පොත්ලියපු හාදයාට මොකද කරන්නේ...? නිකන් වැදිබණ නොකියා ඉන්න මන්ත්‍රීතුමා. ඔබ ගැන තිබුණු පැහැදීම නැත්තටම නැතිවෙලා තියෙන්නේ... වොක්ස්වැගන් කොම්පැනිය ගැන පට්ටපල් බොරු කිව්වා. අපි හිතුවේ රටේ ආර්ථිකය ගොඩදාන්න දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා... නමුත් ඔබතුමාට කිසිම දෙයක් කළ නොහැකි බව ඔප්පු කළා. 2015 ආර්ථික වරදාන වේගය 8.5ක් වුණු 2019 වෙද්දී 3 කටත් අඩුයි. ඇෆ්ගනිස්ථානේ ගාණටම වැටුණා.

:       1366       50

saaliSunday, 02 February 2020 05:00 PM

ඕවා ඇත්ත තමයි. ඒ වුනාට හොරු අල්ලන්න කිව්වාම ඔච්චර තද වෙන්නේ මොකෝ? හොරු අල්ලන්න එපාද මහත්තයෝ? ඔය ගොල්ලන්ගෙත් කිල්ලොටයේ හුණු වගෙයි.

:       0       0

Ajith NissankaMonday, 03 February 2020 04:11 AM

ඔය ලියපු ටික කොපි කරලා තියාගන්න. ඔය දේවල් ඔය විදියටම තව අවුරුදු පහකින් පල කරන්න පුළුවන්. අන්තිමට වෙන්නේ ඔය ගනු දෙනු වලට අහුවෙච්ච කට්ටිය ඔක්කොමල බේරිලා ඒ වෙනුවට අපිව වැරදි කරුවන් කරලා ඔක්කොම පාඩුව ගෙඩි පිටින් අපේ පොකට් වලින් කඩා ගන්න එක.

:       0       0

Bamunuarachchi Monday, 03 February 2020 03:20 AM

හරියට හරි මමත් ලියන්න ලැහැස්ති උනේ ඔය ටික

:       5       0

Ranil Monday, 03 February 2020 04:55 AM

2005-2015 පාඩුවක් රජයට වෙලා නැහැ එක රජයේ ආයතන අතර බෙදිලා ගිහිල්ල තියෙන්නේ. එත් 2015 න් පස්සේ ලාභය ගියේ... ඒක පැහැදිලිවම වංචාවක්.

:       0       0

Rohana Monday, 03 February 2020 06:32 AM

මටනම් පේන්නේ කිසි කෙනෙකු දඬුවම් නොලබන බවයි. එබැවින් 'සියල්ලෝ සතුටින් විසිර ගිය බව' නොබෝ දිනකින් අපට දැනගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 309 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site