IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘බැඳුම්කර පොලිය වැඩිකිරීමෙන් බිලියන 151 ක පාඩුවක් වුණා’

(නාලක සංජීව දහනායක)

 
අදක්‍ෂ ආර්ථික පරිපාලනය හේතුවෙන් හෝ වංචනික ලෙස පොළී අනුපාතය වැඩිකිරීම නිසා බැඳුම්කර සඳහා 2015 වසරේ සිට දැවැන්ත පොළියක් ගෙවීමට සිදුවී ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 834.6 (රුපියල් බිලියන 151) විදේශ විනිමය පාඩුවක් සිදුව ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (20) පැවැසීය.
 
එම මුදලින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සහ මෙගාවොට් 900ක නොරොච්චෝලේ තාප බලාගාරය වැනි තාප බලාගාරයක් ඉදිකිරීමට අවස්ථාව තිබූ බව ද ඔහු කීය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවැසීය.
 
ඉකුත් රජය 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 5,500ක බැඳුම්කර හතරක් නිකුත්කළ බව සඳහන් කළ හිටපු මහ බැංකු අධිපතිවරයා ඒ සඳහා ගෙවන පොළී අනුපාතය වසරක් පාසාම අඩුවූ බවද සඳහන් කළේය.
 
එහෙත් වත්මන් රජය 2015 සිට 2019 වසර දක්වා වූ අවුරුදු හතරේදී ඇමරිකානු ඩොලර් මිලියන 10,050 ක අගයකින් යුතු බැඳුම්කර නවයක් නිකුත් කර ඇතැයි කී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා ඒ සඳහා ගෙවන පොළී අනුපාතය පසුගිය වසර දහයේම බැඳුම්කර සඳහා ගෙවු පොළී අනුපාතයට වඩා 71%න්  වැඩිවී ඇතැයි ද සඳහන් කළේය.   
 
තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, ග්‍රීසිය සහ බොට්ස්වානා වැනි රටවල බැඳුම්කර පොළී අනුපාතය අප රටට වඩා බෙහෙවින් අඩු යැයි සඳහන් කළ ඔහු මේ හේතුවෙන් අප රට පිළිබඳව ආයෝජකයන් දැඩි කනස්සල්ලකින් පසුවන බවද කීය.  



අදහස් (0)

‘බැඳුම්කර පොලිය වැඩිකිරීමෙන් බිලියන 151 ක පාඩුවක් වුණා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site