IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බැඳුම්කර නඩුවේ විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකු වලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් කෝටි 20 ක පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩුවේ මහ බැංකුව බාරයේ ඇති ලේඛණ සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි කළ ඉල්ලීම බහුතර තීන්දුවෙන් අද ප‍්‍රතිෙක්‍ෂප විය.

ලබන දෙසැම්බර් 06 වැනිදා සිට දින 10ක් පුරා නඩුව විභාග කිරීමට දින නියම කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. ආටිගල මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන් 05දෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි ද නිකුත් කළේය.

සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට අදාළ නඩුව විමසීම සඳහා පත් කළ අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කළේය.

 



අදහස් (1)

බැඳුම්කර නඩුවේ විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Bamunuarachchi Tuesday, 26 October 2021 06:57 AM

ඔන්න ඔතනයි නියම කෙස් එක තිබෙන්නේ. නැතුව වැඩිපොලියකට ලන්සුව ඉදිරිපත් කිරීම නොවෙයි. රටේ මුදල් ඇමති කෙලින්ම වංචාව කරලා. රාජ්‍ය බැංකු වලට තම ලන්සු ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නානම් සමහරවිට බිලියන ගණනකට ලන්සු යන්නෙත් නැහැ. පර්පචුවල් එකට ලන්සුව යන්නෙත් නැතිවෙන්න තිබුනා. මේක රටේ මුදල් ඇමති, බැංකු අධිපති සහ යහපාලක එජාප කට්ටිය එකතු වෙලා දීපු ගේමක්. එකනේ ෆූට් නෝට් ගහලා සල්ලි බෙදාගෙන ශේප් උනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site