IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බෝනොවන රෝග සමීක්‍ෂණය මාර්තු අගදී

 

(විනීතා එම් ගමගේ )
 
බෝ නොවන රෝග පිළිබඳ  ශ‍්‍රි ලංකාවේ පළමු ජංගම දුරකථන සමීක්ෂණය මාර්තු මාසය අවසානයේ ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි. 

 
දකුණු ආසියාතික රටක ජංගම දුරකථන උපයෝගී කරගෙන මෙවැනි ජංගම දුරකථන සමික්ෂණයක් පැවැත්වෙන්නේ පළමු වතාවට බවත් ආසියාවේ ද මේ වනතෙක් මෙවැනි සමික්ෂණයක් සිදු කර ඇත්තේ පිලිපීනයේ පමණක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග කාර්යංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයසේන මහතා ජාතික අක්ෂි රෝහලේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කළේය.
 
මෙකී සමික්ෂණය සඳහා අහඹු ලෙසින් ජංගම දුරකථන තෝරාගන්නා අතර ඒ තෝරාගැනීම් සිදු කරන්නේ පරිගණක ආශ්‍රීතව බව කී ජයසේන මහතා 1995 අංකයෙන් මෙම ඇමතුම ලැබෙනු ඇතැයි ද කිය.
 
මෙහිදී විනාඩි 5 ක් පමණ කාලයක් තිස්සේ ප‍්‍රශ්නාවලියක් අසනු ඇති බවත් එයට ද දුරකථනයේ අංක ඔස්සේ පිළිතුරු දෙන අන්දමින් ප‍්‍රශ්න ඇතුළු තොරතුරු පරිගණක ගත කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 
 
ඇමතුම ඇරඹෙන්නේ මෙම සමික්ෂනයට සහභාගිවීමට කැමති ද නැද්ද යන්න විමසමින්  බවත් එයට අකමැති බවට පිලිතුරු දුනහොත් යළිත් කිසිදු අවස්ථාවක දී මේ සමික්ෂයට එම අංකයෙන් කථා නොකරනු ඇති බවත් පැවසු වෛද්‍ය කපිල පියසේන මහතා කිසිදු අවස්ථාවක ස්ථාවර දුරකථනවලට ඇමතුම් නොලැබෙනු ඇති බවත් සඳහන් කළේය. 
 
 සතියේ දිනවල පෙරවරු 8 රාත‍්‍රී 8 ත් දක්වා මෙම සමික්ෂණය පැවැත්වෙන අතර සෙනසුරාදා ඉරිදා පෝය ඇතුළු රජයේ නිවාඩු දිනවල ද සමික්ෂණය නොපැවැත්වෙන බව කියා සිටියේය.
 
 එමෙන්ම යම් දුරකථනයකට 1995 න් ඇමතුම එන විට එහි හිමිකරු යම් වැඩක යෙදී සිටින  බැවින් ඇමතුම විසන්ධි කළහොත් එම අංකයටම පැය 50 කට පසු ඇමතුමක් ලැබෙනු ඇති අතර එහි දී ඇමතුම විසන්ධි කළ අවස්ථාවේ සිට ඉදිරියට ගෙනයනු ඇත.  
 
සමික්ෂණයේ බරපැන ඇමරිකානු ආයතන දෙකක් වන බ්ලූවර්ක් පිලොන් ට‍්‍රැෆිස් හා ඬේටා ෆෝ හෙල්ත් ඉන්සිටිටියුට් යන ආයතන දෙක විසින් දරනු ලබයි. 
 
සමික්ෂණය සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනුමැතිය ලබා ඇති අතර මෙරට පවතින සියලූ දුරකථන ජාලවල හරහා සමික්ෂණයට දුරකථන අංක තෝරා ගනු ඇත.
 
ශ්‍රී ලංකාවේ වසරකට මරණ 138000 ක් සිදු වන අතර එයින් සෑම පස්දෙනෙකුගෙන් හතර දෙනෙක්ම මිය යන්නේ බෝනොවන රෝග හේතුවෙනි. මෙයින් පහෙන් එකක් මිය යන්නේ අකාලයේ බවත් ඔවුන් අවුරුදු 18ත් 70 ත් අතර වන බවත් කියැවේ. 
 
අධි රුධිර පීඩනය, අංශභාගය, පිළිකා, 
හෘදරෝග, ශ්වසනය සම්බන්ධ රෝග,හා වකුගඩු රෝග බෝනොවන රෝග ලෙස සළකනු ලබයි. 
 
මේ සම්බන්ධ තොරතුරු එකතු කිරීමෙන් පසු ජනතාවගේ ආහර පරිභෝජන රටාව, වතුර, දුම්බීම, මේ සඳහා අවශ්‍ය දත්ත වන අතර සිම්කෂණය මාර්ගයෙන් මෙම දත්ත ලබා ගත් පසු සෞඛ්‍ය අමාත්‍යංශත්‍ය් විද්වත් මඩුල්ලක් විසින් අවශ්‍ය විශ්ලේෂණය කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.
 
කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක කිසිදු තැනැත්තෙකුගෙන් හැඳුනුම්පත් අංකය ණ්‍යකාඞ්පත්විස්තර ආදී තොරතුරු අසනු නැති  බවත් මේ සමික්ෂණයට සහභාගි විම වෙනුවෙන් කිසිදු ගෙවීමක් නොකරන අතර කිසිදු අයකිරීමක් ද සිදු නොවන බව මාධ්‍ය හමුව ඇමතූ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කළේය.  
                
                 
 



අදහස් (1)

බෝනොවන රෝග සමීක්‍ෂණය මාර්තු අගදී

jayath Wednesday, 06 March 2019 05:41 AM

ඉතා හොඳ වැඩක් නමුත් මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන වයස් කාණ්ඩ මොනවද ? මොකද වයස 25 අයට ඔය වගේ ලෙඩ අඩු නිසා අනික හැමවෙලේම පෝන් කනේ ගහගෙන ඒවාට කොටන ඊනියා ෆේස්බුක් පරම්පරාවෙන් මේවට ප්‍රතිචාර ලැබෙයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 170 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site