(ඉන්දිකා රාමනායක)

කළුතර බන්ධනාගාර කාන්තා අංශයට පිටතින් විසිකරන පාර්සල් දෙකක තිබී ජංගම දුරකතන තුනක් සොයා ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මෙම දුරකතන කාන්තා සනිපාරක්ෂක තුවා තුළ සුක්ෂම ලෙස අසුරා තිබු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම පාර්සල්මෙ දෙක බන්ධනාගාර ප්‍රධාන පවුරට ඉහළින් කාන්තා අංශය දෙසට විසිකර තිබියදී නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බවද ඒ මහතා කීය.

මේ ආකාරයෙන් දෛනිකව කලුතර බන්ධනාගාරය තුලට පිටතින් තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසිකිරිම පිටස්තර පුද්ගලයින් විසින් සිදුකරන බවත් බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් ක්ෂේත්‍ර සේවා නිලධාරීන් හා කාන්තා නිලධාරීන්ගේ විමසිලිමත් රාජකාරි කටයුතුවල නිරත වන හෙයින් මෙම තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් වැඩි ප්‍රමාණයක් නේවාසිකයන් අතට නොයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය .