(ඉන්දිකා රාමනායක)

බන්ධනාගාර ගත රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම තවදුරටත් තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු නතර කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

කොවිඩ් 19 වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු මෙම පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

නීතිඥ මහතුන් සඳහා ද නඩු කටයුතු වෙනුවෙන් රැදවියන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන අතර අවශ්‍ය නඩු කටයුතු වල ලියකියවිලි පමණක් අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ලබාදීමට හා ලබා ගැනීමට පමණක් අවස්ථාව සලසා දී ඇති හෙතෙම කියා සිටියේය .