(නිමන්ති රණසිංහ)

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පෙරට්ටු සැකකරුවන් සිව්දෙනකු අධිකරණයට ඉදිරිපත් කර නැවත රැගෙන එමින් සිටියදී නිලධාරීන්ට පහරදී පැනයාමට උත්සාහයක් වළක්වා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය මුලස්ථානය පවසයි.

මෙම සැකකරුවන් සිව්දෙනා බන්ධනාගාර බස් රථයේ ආරක්ෂිත අගුළු ගලවා නිලධාරීන්ට පහරදී පැන යාමට උත්සාහ ගෙන ඇත්තේ  දුම්බර වෑඋඩ ප්‍රදේශයේදී බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසීය .

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන් දෙදෙනකු එම ස්ථානයේදීම අල්ලාගෙන ඇති අතර පසුව මාවතගම පොලිසියේ සහයෝගය ඇතිව අනෙක් දෙදෙනාව ද අත්අඩංගුවට ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම සැකකරුවන් රජවැල්ල දිගන කලගෙඩිහෙන සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් වන අතර, සොරකම් සිද්ධීන් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර කිරීමට නියමිතව සිටි සැකකරුවන් බවද ඔහු පැවසීය,