ඩී.ජී.සුගතපාල
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට කෑම පාර්සලයක දමා ජංගම දුරකතන සිම්කාඩ් හතක් දිමට තැත් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාර කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) මාස හයක සිරදඬුවම් සහ රුපියල් දහසක දඩයක් නියම කර සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිරදඬුවමක් ද විත්තිකාරියට නියම විය.
මෙසේ දඬුවම් නියම කරනු ලැබුවේ ඇල්පිටිය උඩුවිල ප්‍රදේශයේ පදිංචි ලත්තුවා හන්දි මදුනි නමැති කාන්තාවකටය.
අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැමියාට දීම සඳහා සැකකාරිය විසින් ඉකුත් 2 වැනි දා ආහාර පාර්සලයක් ගෙනැවිත් ඇති අතර එසේ ගෙනෙන ලද ආහාර පාර්සලය බන්ධනාගාර නිලධාරින් විසින් පරික්ෂා කළ අවස්ථවේ එහි ව්‍යාංජනයක සූක්ෂම ලෙස සඟවා තිබු සිම් කාඩ්පත් හත සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
352
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බන්ධනාගාරයේ සිටින සැමියාට සිම්කාඩ් දෙන්න ගිය බිරිඳට සිරදඬුවම්