
(ඉන්දිකා රාමනායක)
මන්ත්‍රි වරප්‍රසාද යටතේ රැඳවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියලු දේශපාලනඥයින් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කතානායකවරයාගේ විශේෂ අවසර ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ලේකම්වරයා මාර්ගයෙන් කතානායකවරයා දැනුවත් කරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
රැඳවියකු බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් බන්ධනාගාර ආඥාපනත ට අනුව මන්ත්‍රිවරප්‍රසාද යටතේ කිසිඳු පරීක්ෂාවකට ලක් නොකරන බවද එම ආරංචි මාර්ග කියයි.
ජාතික සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජින් රාමනායක මහතා බැලීමට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගැනීමට තීරණය කළ බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් අනතුරුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ වැඩතහනම් කර තිබිණි.
COMMENTS
එතකොට හිරගෙවල් ඇතුලේ තිබිලා මීට පෙර දුරකථන හම්බ වුණේ දේශපාලකයෝ අරන් ගිහිල්ලද? මොන නීති ගෙනාවත් ජේලර්වරු තමයි මේවට උදව් කරන්නේ.