
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 300 ක් අඩංගු කුඩා පැකට් 96 ක් සමඟ මහර බන්ධනාගාරයේ නියාමකයකු අත්අඩංගුවට ගත්තේ යැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පවසයි.
සැකකාර නියාමකවරයා බෙහෙත් ටියුබ් එකක සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යෑමට සූදානම් වූ මෙම හොරොයින් තොගය එම බන්ධනාගාරයේ දොරටුව අසළදී බන්ධනාගාර නිලධාරීන් කළ සොදිසියකදී සොයාගත් බවත් සැකකාර නියාමකවරයාගේ වැඩ තහනම් කළ බවත් චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වසර 22 ක් සේවය කර ඇති 48 හැවිරිදි මෙම නියාමකවරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය ඉදිරි පරීක්‍ෂණ පවත්වන බවත් චන්දන ඒකනායක මහතා කීය.

COMMENTS