( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ව්‍යවස්ථා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එද පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබූහ.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
ගොනු කර ඇති පෙත්සම්හි මෙසේද සඳහන් වේ.
පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට පටහැනිව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
මෙම පනත් කෙටුම්පතෙහි 5 , 6 , 7 , 9 , 10 ,18 සහ 199 යන ජේදයන්ට අනුව මෙම සංස්ථා පාලනය කිරීමේ පූර්ණ බලය විෂය බාර අමාත්‍යවරයාට පැවරේ.
ඊට අමතරව මෙම පනතේ විධි විධානයන්ට අනුව විදෙස් රට වලින් සෘජුව ආධාර ලබා ගැනීම සහ ගිවිසුම් අත්සන් කිරීමට බලය ලබා දී ඇත.පරිච්ජේද 24 , 32 සහ 33 යටතේ මෙම සංස්ථාවට පළාත් සභා ඇතුළු අනෙකුත් පරිපාලන ඒකක පාලනය කිරීමට බලය ලැබේ.
මෙම පනතෙහි විධි විධාන අනුව කිසිදු මාර්ගෝපදේශයකින් තොරව කෘෂිකාර්මික , ඉඩම් , පදිංචි ස්ථාන , පුරාවිද්‍යාත්මක ස්ථාන, පන්සල් ,පල්ලි සහ හින්දු කෝවිල් පවරා ගැනීමට බලය ලැබේ.
මෙම විධි විධානයන් ව්‍යවස්ථාවට පටහැනි වේ.
එබැවින් මෙම පනත ව්‍යවස්ථාවට පටහැනි බව ප‍්‍රකාශ කරන ලෙසත් , මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්දුලගෙන් තවත් පෙත්සමක්
අප්පුහාමි Tuesday, 27 August 2019 11:35 AM
බලා ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බං පෙත්සම්
Hafeel Tuesday, 27 August 2019 03:42 PM
මෙයා බැංකුවෙන් ණය ගත්තු ගිවිසුම හරියට කියවල බලල නැතුවුනත්, මෙම කෙටුම්පත හරියට කියවල වගේ.
Nandalal DE SILVA - France Tuesday, 27 August 2019 04:18 PM
මේ ආචාරි තුමා උපතින්ම පෙත්සම් ලියන එක උරුම කරගෙන ආපු කෙනෙක් වගේ පැහැදිලිවම පේනවා ! කොහේ හරි යන කුණු ගොඩක් අල්ලාගෙන ඒකට එරෙහිව පෙත්සම් ගසා එයින් අසීමිත වින්දනයක් ලබන බව නිතරම මෙයා දක්වා තිබෙනවා.