IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


බදු වැඩිකිරිම හැර රජයට ආදායම් ගන්න වෙන ක්‍රමයක් නෑ


 (නිමල කොඩිතුවක්කු)
 

 
බදු වැඩිකිරීම හැර ආදායම් ලබා ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මෙවර අයවැයෙන් ද බදු ආදායම වැඩිකර ගැනීම වත්මන් රජයේ අරමුණ වි ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (10) පැවසීය.
 
මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවති රුපියල් බිලියන දහසේ බදු ආදායම වත්මන්  රජය යටතේ රුපියල් බිලියන දෙදහස දක්වා සියයට සියයකින් වැඩිවී ඇතැයිද   මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධණ මහතා මෙසේද කීය.
 
‘‘2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළා . එහි දක්වා ඇති  ආකාරයට 2019 වර්ෂය සඳහා රුපියල් බිලියන 2232ක මුදලක් සම්මත කරගැනිම සදහා එම විසර්ජන පනත් කෙටුම්පත  ඉදිරිපත් කරලා තියෙනවා.
 
එම මුදල් ලබා ගැනිම සඳහා බදු හා බදු නොවන  ආකාරයට රජය ආදායම් රැස්කරගත යුතුයි. අයවැය දෙවන වර කියවන මාර්තු 5 වැනි දා තමයි මුදල් අමාත්‍යවරයා විසින් අදායම් උපදවන යෝජනාවල් ඉදිරිපත් කරනු ලබන්නේ.
 
2015 වසරේ සිට මේ රජයේ වියදම  දැරිම සඳහා ආදායම  ලබා ගැනීමට පාවිච්චි කරන්නේ ඉතාම පහසු හා  ජනනතාවට රිදෙන මූල්‍ය වන මහජනතාව  මත පනවන සෘජු හා වක‍්‍ර බදු දිගින් දිගටම ඉහළ නැංවීමයි.
 
බදු ඉහළ නැංවිම සම්බන්ධයෙන්  මේ රජයට තියෙන්නේ ලංකා  ඉතිහාසයේ වෙනත් කිසිදු රජයකට  නොතිබුණ වාර්තාවක්. බි‍්‍රතාන්‍යය යටත් විජිත යුගයේ වගේ ඉතා පහසුවෙන්  හිතෙන හිතෙන විදියට වියදම පියවා ගැනිම සඳහා මහජනතාව නොමරා මැරෙන විදියට බදු පවරමින් ඉන්නවා.



අදහස් (38)

බදු වැඩිකිරිම හැර රජයට ආදායම් ගන්න වෙන ක්‍රමයක් නෑ

sena Sunday, 10 February 2019 09:38 AM

අනේ රු 2500 කින් පවුලකට මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියපු මෙයාගේ ආර්ථික දැනුම.

:       45       236

prabha Sunday, 10 February 2019 09:49 AM

අනේ අාපහු ඇවිල්ලා 2500කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් ආර්ථිකයන් හදනු මැනවි..

:       53       219

අනුරMonday, 11 February 2019 02:11 AM

මෙයා ආපහු ආවොත් තියෙන ටිකටත් කෙළවිලා යන්නේ. ඒ්ක නිසා ආපහු නාවට කමක් නැහැ...

:       0       46

kap Sunday, 10 February 2019 09:54 AM

කොහෙද හිටියේ? අැහැරිලා වගේ.. අන්න ඩොලර් එක බැහැලා.. හැමදේම විවේචනය නොකර, විකල්ප ආදායම් මාර්ග ආණ්ඩුවට පෙන්නන්නකෝ. අැයි හැම තිස්සෙම අපි බලේට ආවම කියලා කියන්නේ...? විපක්ෂයක් තියෙන්නේ රටේ අභිවෘද්ධිය තකානේ.. නැතුව වෙන දේවල්වලට නෙමෙයිනේ..

:       86       221

Sanath KandySunday, 10 February 2019 10:39 AM

ඔබතුමා මුදල් ඇමති වුනොත් වෙන විකල්පයක් තියෙනවද? විපක්ෂයේ ඉද්දි විවේචනය කරනවා. කරන්න ගියාම හැමෝම එකයි. ණය ගන්නවා. බදු ගහනවා. ඔය දෙගොල්ලන්ගෙන් කවුරු ආවත් වෙනසක් නෑ. දැන් රටට විකල්පයක් ඕනෑ. මෙච්චර කල් ආපු ගමන වෙනස් කරන්න පුළුවන් විකල්පයක්...

:       7       228

ka[Sunday, 10 February 2019 11:11 AM

ඇත්ත කතාව සනත් ...... හැබෑයි විකල්පෙ රතු සහෝදරයන් නම් නෙමෙයි. අපිට ඕනෙ අලුත් අදහස් තියෙන, හොඳට ආර්ථික දර්ශනයක් තියෙන හොර නොකරන, රටට ආදරේ පොරවල්

:       203       351

VajiraSunday, 10 February 2019 11:42 AM

විකල්පය ජවිපය තමයි.... ඔයා ජවිපෙ සැලසුම් කවදාවත් අධ්‍යයනය කරලා තියෙනවද? මේ රට හදන්න ජවිපෙ තරම් නිවැරදි සැලසුම් වෙන කවුරුත් ඉදිරිපත් කරලා නෑ. තව දින කීපයකින් බලාගන්න පුළුවන් ජවිපෙ මුල් වෙලා මේ රටේ ඉහළම විද්වතුන් හදපු රට ගොඩනගන විද්වත් සැලැස්ම රටට ඉදිරිපත් කරනවා. අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරපු කිසිම කෙනෙක් මේ වගේ විද්වතුන්ගේ අදහස් අරන් ජාතික සැලැස්මක් හදලා නෑ. නිවැරදි දේ අගය කරන්න පුරුදු වෙන්න මහත්වරුනේ...

:       322       365

KAPSunday, 10 February 2019 12:43 PM

වජිර අපි දැක්කා ජේවීපී සැලසුම් 71, 88, 89 ...ජීවිත ගණනාවක්, දේපල මිල කරන්න බැරි තරමට විනාශ කරපු කාලකන්නි සෙට් එකක්... අනුන්ගේ දේවල්වලට ඉරිසියා කරනවා. 90 ගනන් වලදි ගත්ත කස්ටිය දැන් ඇමතිකම්.. හාරපු වැව් ටික අපි තාම හොයනවා....

:       143       356

Hafeel Sunday, 10 February 2019 04:22 PM

88, 89 හිටපු නායකයෝ නොවේ දැන් ජවිපෙ එකේ ඉන්නේ. අනික 88, 89 ටත් විශාල හානිය තමා වත්මන් ආණ්ඩුවේ මහ බැංකු මංකොල්ලය සහ රාජපක්ෂ පාලනයේ මිග් ගනු දනු වංචා හා අනිකුත් හොරකම්. ප්‍රධාන පක්ෂ දෙකම රාජ්‍ය ත්‍රස්වාදය භාවිතා කරමින් 88, 89 වඩා විශාල හානියක් රටට කළා.

:       76       93

Nandalal DE SILVA - France Sunday, 10 February 2019 10:04 AM

ඔබත් ඇමතිවරයෙක් වෙලා හිටපු රාජපක්ෂ පාලන කාලයේ හැම හන්දියක් ගානේම බොඩ්ලැලි එල්ලා ගැනීම සඳහාත්, රටට අනවශ්‍ය මෙන්ම රටට දරාගත නොහැකි, ඔබලාගේ "සංවර්ධනය" සඳහා ගත් විදේශ ණය කන්දරාව ගෙවන්නත් ඕන නේද මහත්තයෝ ? එය මෙසේ තිබෙද්දිත් 2018 ඔක්තෝබර් 26දා සිදුකල රාජ්‍ය කුමන්ත්‍රණය නිසාත් රටට අහිමිවූ මුල්‍ය සම්පත් ගැන ඔබලා මුනිවත රැකගෙන මොට්ටපාලලා මෙන් රජයට මඩ ගසන්නේ කුමන යටි අදහස් මුල්කරගෙනද යන්න දන්නෝ දනිති! අපේ ඡන්දදායකයන් දැන් පරිණතයි, සත්‍යය වටහාගැනීමට තේරුමක් ඇත. නැව් නොඑන වරායන්, ගුවන්යානා නැති ගුවන්තොටුපොළවල්, රැස්වීම් නොපවත්වන සම්මන්ත්‍රණශාලා, ක්‍රිකට් බෝල දැක නැති ජ්‍යත්තන්තර තලයේ ක්‍රිකට් පිටි ගැන ඡන්දදායකයන්ට පින්තුර පෙන්වා කියා දීමට අවශ්‍ය නැත. මේවා ඔවුන් දිනපතා දකින අතර ඒවාට ඔවුන් ආපසු ගෙවන ණය මුදල් ගැන නිතර දෙවේලේ හිතනවා, සුසුම් හෙලනවා ! ඉතින් බන්දුල මහත්තයෝ, ඔය වැදිබණ අසන කෙනෙක් මෙරටේ දැන් නැත.

:       117       361

Seneviratne Sunday, 10 February 2019 10:06 AM

කතාව නම් ඇත්ත, නමුත් ඔබ තුමාලා අදායම් නොඋපදවන ව්‍යාපෘති විදේශ ණය වලින් කරපු නිසා තමයි දැන් මේ අයට කොරගන්න දෙයක් නැතිව දඟලන්නේ. ඔබ තුමාලා හිටිය නම් මොකද්ද කරන්නේ කිව්වා නම් හොඳයි .

:       0       314

Bangomunu. Sunday, 10 February 2019 10:15 AM

මේ ලස්සන මුහුණත් සිත පිනායන මිහිරි හඬින් යුතුවූ අපබ්‍රංස වචන සෙට් එකත් නොදැක නොඇසී සිටියේ හරිම අමාරුවෙන්. මේ රෑපය සහ මුධුර හඬින් ගෙනෙන්නේ පුදුම වාසනාවක්. හික් - හික් - හික් -

:       42       330

arschfikaaSunday, 10 February 2019 08:42 PM

හල්ලෝ ගැමුණු,ඔබ ලස්සන රූපය සහ මිහිරි හන්ද කිව්වේ,මේ නාකි මෝඩ බන්දු ල ගොබ්බයටද? අනේ මෙයාගේ මූණ දැක්කම,බල්ලොත් බත් කන්නේ නැහැ,මූනම් නිකම්ම් නිකම් පර්ලිමෙන්තු ගිහින්,නිකම්ම වාඩිවෙලා නිකම්ම පඩි කන එකෙක්,ඉඳල හිටලා කියවන්නෙත්,මහා මෝඩ කතාය,ඔබ කිව්වේ ලස්සන මූණක් කියල?මුගේ මූන නම් හරියට අර ලොරියකට අහුවෙලා තැලිච්ච ගෙම්බෙකුගේ මූණ වගෙය.

:       0       273

Bangomunu.Monday, 11 February 2019 04:10 AM

මා උපහාස රසාත්මකව පැවසුවේ ඔබගේ අදහසමය.

:       0       107

Nuwan Sunday, 10 February 2019 10:42 AM

මේ රටට‍ දරාගන්න බැරි අනවශ්‍ය සුදුඅලි හැමතැනම හදලා අත හැරලා ගිය ඔහෙලා නිසා තමයි අපිට මෙහෙම අසාධාරණ බදු ගෙවන්න වෙලා තියෙන්නේ... එ්කටම හරියන්න ආපු අයත් බැංකු මංකොල්ලකරුවන්.., මේ රටට නායකයින්, විදේශයකින් ගෙන්වන්න ඕනෑ... අප්‍රිකාවෙන් හරි කමක් නැහැ. එ්ක අපට ඉවසන්න පුළුවන්... තමන්ගේම වර්ගයේ අය කරන අසාධාරණ වලට වඩා...

:       18       352

AsankaSunday, 10 February 2019 03:32 PM

මසුරන් කතාව...

:       0       163

Amila Sunday, 10 February 2019 10:57 AM

2500 ට කරන්න පුලුවන් කිව්ව මනුස්සයා දන්න ආර්ථිකේ...

:       22       222

ravi Sunday, 10 February 2019 11:46 AM

කන්දෙකට යනකන්, පුපුරපු කටක් තිබුණාට.. කිව්වොත් කියන්නේ කිසිදෙයකට ප්‍රයෝජනයක් නැති කතාවක්.. ඔය කියපු කතාවෙන්, අතීතයටවත්.. වර්තමානයට හෝ අනාගතයට ඵලක් තියනවද..? ඔයාට ඔය මහාචාර්යකම දීපු කෙනා තමයි මේකට වැරදිකාරයා .!

:       0       251

smn Sunday, 10 February 2019 12:55 PM

බදු නොපනවා රජයකට ඉපැයිය හැකි මේ ඔස්තාර් මුදල් ඇමති වෙලා ඉන්නකොට කරපු කියපු දේවල් අපට අමතක නැහැ. හතර දෙනෙක් ඉන්න පවුලක මාසික වියදමට රුපියල් 2500ක් ප්‍රමාණවත් කියලා බයිලා ගහපු මුදල් ඇමති සක්කරයගේ පුතා ගැනත් කතා කරපුවා මතකයි. නිකන් විහිළුවක් නොවී ඉන්නවා හලෝ. ඔබතුමා ආර්ථික විද්‍යාව දන්නේ නැහැ.

:       0       315

pradeep Sunday, 10 February 2019 02:15 PM

ඔබ බලයේ සිටින විට ගෙන ආ, රජයට අාදායමක් ලැබෙන (ලාභ ලබන) එක ව්‍යාපාරයක් කියන්න බබෝ...

:       0       316

ත්‍රස්තයා Sunday, 10 February 2019 02:48 PM

දැන් කොමිස් ව්‍යාපෘති නැතුව පිස්සු වගේ... අපි ඉතින් ගහපු ඒවාට තවම ගෙවනවා. දැනුත් උත්සාහ කරන්නේ අසරණ ජනතාව මුලා කරන්න.

:       0       353

Bamunuarachchi Sunday, 10 February 2019 03:47 PM

බන්දුල මහතා, එජාපයෝ බලාගෙන ඉන්නේ අයවැයෙන් සහන දෙනකම්. ඒ ලැබුණාම ඔවුන්ට හොඳටම ඇති. ඊට පසු පොල්පිති න්‍යායෙන් තමයි ඡන්දය දෙන්නේ. ආයෝජකයින් එන්නේ නැතිනම් මෙහෙ ආයෝජකයෝත් බංගලිදේශය, මාලදිවයින වගේ රටවල් සොයාගෙන යනවා නම් මෙහෙ ගුරුකම හැරෙන්නට වෙන රැකියාවල් නැත. පිටරට සිට එවන මුදලටත් බදු ගහනවා නම් රටසල්ලි එන්නේ නැත. රවී ගොයියා කියන විදිහට රට බංකොලොත්...

:       462       0

Chanak los angelesSunday, 10 February 2019 05:29 PM

ආයෝජකයෝ එන්නේ කොහොමද? මතක නැතිද ව්‍යවථාව උල්ලංඝනය කරමින් පස්ස දොරෙන් අගමැති කෙනෙක් පත්කරලා රට මාසයක් අරාජික කරලා තිබුණා. මෙහෙම හිතාමතා රටක් අරාජික කරනවිට කව්ද එරටට ආයෝජනය කරන්න එන මෝඩයා?

:       0       205

BamunuarachchiMonday, 11 February 2019 10:05 AM

ආයෝජකයෝ තමන්ගේ තැන්පතුත් ආපසු රැගෙන ගියේ බැංකුව කොල්ල කෑම දැනගත්ත විගසමයි.

:       0       0

BamunuarachchiTuesday, 12 February 2019 08:21 AM

බන්දුල මහතානේනී ඔබ කීවේ " බදු වැඩිකිරීම හැර රජයට ගන්න වෙන ආදායම් ගන්න වෙන ක්‍රමයක් නැහැ" කියලානේ දැන් බලන්න දීලා තිබෙන පිළිතුරු. ඔය එක පිළිතුරක්වත් ඔබේ ප්‍රකාශය හා සම්බන්ද නැහැනේද? මෙහෙව් ගොයියෝයි මෙතන යහ පාලනය කතා කොරන්නෙයි ලබන සැරේ තවත් හොඳ ආණ්ඩුවක් පිහිටුවන්නයි කතා කොරන්නේයි. අනේද කියන්නේ.

:       0       0

Bamunuarachchi Sunday, 10 February 2019 04:04 PM

බන්දුල මහතාණෙනි, ඔබ සහභාගිවෙන 360, ඉන්සයිට් වැනි වැඩසටහන් නරඹන්නේ යම්කිසි දෙයක් ඉගෙන ගැනීම සඳහාය. ඒ කරුණු කාරනා මෝස්‌තරකාරයින්ට හෝ විදේශීය අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය ඉල්ලන හාල්පාරුවන්ට, ජනතාවට කියාදීමට නොහැක. පුද්ගලික පාසල් වලින් පෙන්වන දක්ෂතා රජයේ පාසල්වල සිසුන්ගේ දක්ෂතා සමකරන්න එපා කීමට ඔබ වටිනා හේතු ගණනාවක් පෙන්විය. නමුත් ගොබ්බයින් ඔබේ කතාවල තේරුම ගන්නේ අනික් පැත්තටය. ඒ ඔවුන්ගේ ගොබ්බකමේ හැටිය...

:       615       1

Nandalal DE SILVA - FranceSunday, 10 February 2019 06:00 PM

මොනවද අපේ රටේ අයට බන්දුලගෙන් ඉගෙන ගන්න තියෙන්නේ? අපේ රටේ පඳුරකට ගැහුවාම මේ වගේ "ආචාරියෝ" හැම පැත්තටම විසිවෙනවා !!! 2500කින් හතරදෙනෙකුට මාසයක් බඩ ගෝස්තරය පුරවාගෙන අනික් වැඩත් කරගන්න පුළුවන් කියපු පුද්ගලයෙක් නේද මෙයා? එයා ඇමතියෙක් වෙලා හිටපු කාලේ 2500 කින් එයාගේ පවුල නඩත්තු කළාද? හන්දියේ කඩේ පඩිය උඩ වාඩිවෙලා බීඩි උරමින් සිටින මාටින් මාමාවත් මෙවැනි තුට්ටු දෙකේ විශ්වාස කිරීමට නුපුළුවන් ගල්පැලෙන බොරු බේගල් ඇද බාන්නේ නැහැ. වැරදිලාවත් එහෙම දෙයක් වුනා නම් ඒවා හිස්මුදුනේ තබාගෙන "එහෙයි" කියන ගොබ්බ රාළලා මේ තීරුවේ කොමෙන්ට්ස් දමන්නත් උඩ පැනගෙන එනවා! මෙහෙම බන්දුලයෝ නොවේද යලිත් වරක් ශ්‍රී ලංකාවේ පාලන බලය ලබාගැනීම සඳහා වලිකන්නේ? වැරදිලාවත් එහෙම උනොත් ශ්‍රී ලංකාව "ආසියාවේ ආශ්චර්යය" වීම කොහොම වෙතත් මේ පින්බර දිවයින "ආසියාවේ සෝමාලියාව හෝ ඉතියෝපියාව" වෙන එක නම් සත්තයි. ඒකත් රට කරවන්න බලය යදින පව්කාරයන්ට නොවෙයි...!!!

:       0       287

BamunuarachchiSunday, 10 February 2019 11:21 PM

"නමුත් ගොබ්බයින් ඔබේ කතාවල තේරුම ගන්නේ අනික් පැත්තටය. ඒ ඔවුන්ගේ ගොබ්බකමේ හැටිය" මේ අවුරුදු 4 ටම මෙරජය කළ සංවර්දනයක් නොමැත. රටේ ආදායම හීනවී බදුබර වැඩිවී රට මස්තබාල්දු වී ඇත. ඒ බව නොපෙනෙන එකා ගොබ්බයෙක් නොවේද?

:       549       0

Pandith Monday, 11 February 2019 02:26 AM

මෙයා මහබොරු කයිවාරුකාරයා. මොකද පහුගිය දවස් වල මාස දෙකේ සෙල්ලන් ආණ්ඩු හදනකොට මෙයා කිව්වා ඩොලර් එක අපි අවොත් බස්සනවා කියලා. අන්තිමට සෙල්ලන් ආණ්ඩු හදල මෙයා කියනවා සක්කරයාගේ වයිමා ආවත් ඩොලර් එක බස්සන්න බැහැ කියලා. නොම්බර එකේ බොරු කාරයෙක්. බලය ගන්න ඕන බොරුවක් කියයි.

:       0       412

BamunuarachchiTuesday, 12 February 2019 05:03 PM

දොස්තරවරුත් සමහර ලෙඩුන්ට කියනවා මේ ලෙඩා මාස 6 කලින් ආවා නම් හොඳ කරන්න තිබුනා දැන්නම් සක්කරයාටවත් බැහැ කියලා.

:       0       0

Jehaan Monday, 11 February 2019 04:15 AM

බදු ගෙවනවාට වැඩිය අමාරුයි මේ මුණ පේන එක.

:       0       223

rewan Monday, 11 February 2019 04:47 AM

බමුණුආරච්චිගේ ගොබ්බකම මොනවට පැහැදිලි වෙනවා. ඔබ සංවර්ධනය යන්නෙන් ආදහස් කරන්නේ කුමක්ද? රටේ අනාගතය සුරක්ෂිත නැති සංවර්ධනයෙන් ඔබට පලක් ඇතත් අපිට පලක් නැත..

:       0       337

BamunuarachchiMonday, 11 February 2019 08:08 AM

රටක සංවර්දනය කීවාම එම රටේ උන්නතියට සිදුවන සෑමදෙයක්ම අයිතියි. සිංහලයාගේ පැවැත්ම නැති වෙනවා සුළුජන වාර්ගිකයා බලවත් වෙනවා කියා පුනපුනා කියන්නේ එකයි.

:       166       0

Rohana Monday, 11 February 2019 05:41 AM

බලයට එන්න තියෙන දැඩි ආසාව නිසා මොනවා හරි වැරදි ටිකක් කියනවා. බලය ගත්තට පස්සේ කියයි මේක අතින් අල්ලලා නවත්තනද කියන්නේ කියල.

:       1       49

vipula Monday, 11 February 2019 06:32 AM

බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක මොකටද ඔය හැටි මැති ඇමතිවරු. ජනතාව හැටියට අපි වීදි බහින්න ඕනේ බදු මුදල් තව තව නාස්ති නොකර ගෙදරටම එලවන්න .

:       0       0

sumudu Monday, 11 February 2019 06:34 AM

එක හරි. තිබ්බ ඒවා වික්ක නේ. ඒ විකුණන එකට ජනතාවත් කැමති උනානේ. දැන් ඒවගේ විපාක ජනතාව විඳින්න ඕනේ .මේ ඔක්කොම ජනතාව බොහොම කැමැත්තෙන් පිළිගත්තා ඒවා . බොරුනම් ඉතිහාසයේ ඡන්ද ප්‍රතිපල බලන්න .

:       0       0

sanath Monday, 11 February 2019 07:55 AM

තියෙන පහසුකම් අඩු කරන්න... එතකොට හරි

:       0       10

Kuma Monday, 11 February 2019 09:02 AM

ඔය අල්ලන කුඩු ටික වික්කානම් මෙලහකට ණය වලින් භාගයක්ම ගේන්න සල්ලි... අල්ලන කුඩුවලට මොකද කරන්නේ? ඒවා නැවත විකුණුවා නම් හොඳයි නේද? බෙහෙත් එහෙම හදන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 832 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 554 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2289 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2279 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 241 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2705 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site