
(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ කාමරයක ඉතා සූක්ෂම ලෙස විශාල කැණීමක් සිදු කළ පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ අතර එහිදී අසල්වැසියන් හා නිවසේ රැදී සිටි අයකු ප්‍රකාශ කොට ඇත්තේ නිවස තුළ පිරිසක් රාමසාන් උපවාසයේ යෙදී සිටින බවය .
කෙසේ වෙතත් නිවස තුළින් කැනීකරන ශබ්ද ඇසීමත් සමග පොලීසිය එම නිවසේ කවුළුවකින් නිවස තුළ බලන කල්හි කණ්ඩායමක් කැණීම් සිදු කරන අයුරු දැක ඇත.
පසුව ඒ පිළිබඳව සොයා බැලීමේදී අඩි 15ක පමණ දෝනාවක් හරහට හාරා ඇති අයුරුත් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි.
බුදු පිළිමයක් සොයා මෙම කැනීම් සිදු කළ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.



2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුදු පිළිමයක් සොයා කාමරයක විශාල කැණිමක්
Kule Monday, 26 April 2021 04:08 PM
විනාශයක් කරලා හැංගෙන්නද?
අර්ජුන Monday, 26 April 2021 11:18 PM
පුපුරණ ද්‍රව්‍ය සහ අවි සඟවා තබන්න වෙන්න ඕන.
ලුම්බිණි Tuesday, 27 April 2021 02:19 AM
තමන්ගේ ගේ ඇතුලේ හාරන එක නීති විරෝධිද?
Baba Irham Tuesday, 27 April 2021 04:08 AM
කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට භූගත බංකරයක් හදන්න සැලසුමක්ද දන්නේ නැ. බුදු පිළිම කතාවක් දාලා පොලිසිය නොමග යවන්න උත්සහ කරනවා කියලායි මට සිතෙන්නේ. හොඳට සැලකුවොත් වමාරයි....
jagath Tuesday, 27 April 2021 04:32 AM
අනිවාර්යෙන්ම සුලමුල සෙවිය යුතුයි කියන්න බැහැ සමුල ඝාතනයක් කරලා මිහිදන් කිරිම සඳහා හෑරුවාද කියලා