(නිශාන්ත කුමාර)

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයෝ අද (24) ලෙඩ නිවාඩු වාර්තාකරමින් රෝහල් සේවයට වාර්තාකිරීමෙන් වැළකී සිටියහ.
 
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය සදහා බදවාගැනීමේදී බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය වී ඇති බවත් ඉන් තමුන්ට දැඩි අසාධාරණයක් වී ඇති බවත් ඔවුහු පැවසූහ.
 
මේ හේතුවෙන් දිස්ත්‍රික්කය තුල පිහිටි රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බොහොමයක දෛනික සේවාවන්ට බාධා එල්ලවිය.