IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බදුල්ල රෝහලට ඇතුළත් කළ තරුණියට කොරෝනා නෑ

(නිශාන්ත කුමාර)

කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට සැක කරමින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ තරුණියට කොරෝනා වෛරසය ශරීරගත වී  නොමැති බව තහවුරු කර කරගැනීමෙන් පසුව ඇය අද (07) රෝහලින්  බැහැර කළ බව බදුල්ල මහ රෝහලේ  අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පැවසීය.

බදුල්ල පළාත් මහ රෝහලේ විශේෂ  ප්‍රතිකාර ඒකකයක රඳවාගෙන දින තුනක කාලයක්  ප්‍රතිකාර කළ තරුණිය අද (07) රෝහලේ ගිලන් රථයකින්ම මොනරාගල ඇයගේ නිවසට වෙත ගෙනගොස්  සුරක්ෂිතව භාරදුන් බවද වෛද්‍ය අධිකාරී අධිකාරීවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරි දර්ශන  වීරසේකර මහතා මෙසේ පැවසීය.

          ‘‘කොරෝනා වෛරසය ශරීර ගත වූ බවට සැක කරමින් ඉකුත් 05 වැනිදා මොනරාගල බුද්දම ප්‍රදේශයේ වයස අවුරුදු  22 ක  තරුණියක් මෙම රෝහලට ඇතුළත් කළා.

ඇය චිනයේ  විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවට පැමිණි තරුණියක් බවත් ඇයට කිසියම් රෝගී තත්ත්වයක ලක්ෂණ මතුවීම ඇයව රෝහල් ගතකළ බවත් එහිදී අනාවරණය වුණා.

කෙසේ වෙතත් කොරෝනා වෛරස්  සඳහා ප්‍රතිකාර කිරීම සඳහාම රෝහලේ සකස් කරන ලද විශේෂ ඒකකය රඳවාගෙන ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට   රෝහලේ   අධ්‍යක්ෂක වෛද්‍ය  උපුල් කරුණාරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම  දැඩි කැපවීමකින් ඇයට අවශ්‍ය ප්‍රතිකාර උපරිම අයුරින් ලබාදීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඇය රෝගී වී ඇත්තේ කොරෝනා වෛරසය ශරීර ගත වීමෙන් ද යන්න සම්බන්ධයෙන්යෙන් සිදුකළ පරීක්ෂණවලදී ඇයට එවැනි වෛරසයක් ඇතුලු වී නොමැති බව තහවුරු වුණා.

ඉන්පසු ඇයව අද (07)  අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව රෝහලේම ගිලන් රථයකින් ඇයගේ නිවස වෙත සුරක්ෂිතව ඇරලීමට කටයුතු කරනු ලැබුවා.

ඇත්තටම ඇය රෝහලෙන් බැහැරව යද්දි රෝහලින් ලද ප්‍රතිකාර හා සැලකිලි සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් පිරිනැමූ බවත් තමුන්ට නිවසේ සිට ප්‍රතිකාර ගන්නවා වැනි හැගීමක් දැණුනු බවත් ඇය පැවසූ බව ප්‍රධාන හේද නිලධාරී දර්ශණ වීරසේකර මහතා පැවැසීය.

 

 



අදහස් (3)

බදුල්ල රෝහලට ඇතුළත් කළ තරුණියට කොරෝනා නෑ

raheem Friday, 07 February 2020 03:27 PM

කැස්ස හෙම්බිරිස්සාව තිබුණත් කොරෝනා කොරෝනා කියලා මිනිස්සු බය කරන්න එපා...

:       0       1

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 08 February 2020 11:27 AM

පිටිගල මිලානෝලා ලේක්කෝ ගලබඩලා මේ ලෙඩාව අල්ලාගෙන මෙතන යකා නැටුවා පහුගිය දවස්වල...

:       1       217

Bamunuarachchi Saturday, 08 February 2020 02:22 PM

මොන කොරෝනාද හලෝ... ලැම්බෝගිනි තිබුණෙත් නැහැ. පෙරළලා බලන කොට අන්තිමට පෙරලපු මහන්සියත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site