(පාලිත ආරියවංශ)
 
බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස්  පාලනයට ලක් කළ බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.

නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොලැබීමේ හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බැවින් මේ තීරණය ගත් බවද  ආණ්ඩුකාරවරයා පැවසීය.