(විජේරත්න රත්නායක)
 
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව ප්‍රදේශයේ මාර්ගයට අද(18) විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය.
              
මුල් කොටස දිරාගිය ගසක් මෙසේ කඩාවැටීමෙන් විදුලි රැහැන් වලටද මාර්ගයටද හානි සිදුව ඇති අතර, මේ වන විටත් ප්‍රදේශයේ විදුලිබල සැපයුම විසන්ධි වී තිබේ.
 
මාර්ගයේ පැමිණි ලොරියක් තත්පරයක පමණ ප්‍රමාදයක් හේතුවෙන් අනතුරෙන් බේරී ඇත.
              
ප්‍රදේශවාසීහු එක්ව මෙම ගස ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිති.