IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෞද්ධ පුනරුද අරමුදල අහෝසි කරයි

(අජන්ත කුමාර අගලකඩ)

 

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා ඇති බෞද්ධ පුනරුද අරමුදල අහෝසි කර එහි ගිණුම්වල පවතින අරමුදල් බුද්ධ ශාසන අරමුදලට මාරු කිරිමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන අගමැතිවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

විහාරස්ථානවල ධර්මශාලා සංඝාවාස, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම පිරිවෙන්වල දේශනශාලා හා පුස්තකාල පහසුකම් ආදිය සැපයීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය යටතේ 2016 වසරේදී මෙම අරමුදල පිහිටුවනු ලැබුවේ එවකට ජනාධිපතිවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

බෞද්ධ පුනරුද අරමුදල යටතේ සිදුකර ඇති කාර්යන් ඉදිරියට බුද්ධ ශාසන අරමුදල යටතේ සිදුකිරිමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය දී ඇත.



අදහස් (1)

බෞද්ධ පුනරුද අරමුදල අහෝසි කරයි

rocky Wednesday, 11 March 2020 02:34 AM

මෙය සුනාමි ආධාර අරමුදල වගේ එකක් නොවේවා !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site